Siri සමඟ තරඟයට එන මයික්‍රොෙසාෆ්ට් සහායිකාව – Cortana

මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් නිකුත් කිරීමට නියමිත Windows Phone 8.1 මෙහෙයුම් පද්ධතිය සමඟ පුද්ගලික සහායිකාවක් (personal digital assistant)ද ඇතුලත් වන බව වාර්ථා වේ. ඒ අනුව Apple හි Siri හා Android හි Google Now නම් පුද්ගලික සහායක මෘදුකාංගය මෙන් ඔබ අසන නොයෙකුත් ප්‍රශ්ණ වලට බුද්ධිමත්ව (එලෙස සිතමු) පිළිතුරු ලබා දීමට මෙන්ම ඔබේ විවිධ ක්‍රියාකාරකම් සඳහා සහාය දැක්වීමටත් ඇයට හැකියාව ඇත.

Siri මෙන් මුලින්ම ඇය ඔබගෙන් ඔබේ නම අසාගෙන ඉන් පසුව ඇය ඔබට ඒ නමින් අමතනු ඇත. මීට අමතරව ඔබේ මිතුරන්ගේ සැබෑ නමට අමතරව අන්වර්ථ නම් (Nick Name) වලින් අැමතූ විටද ඇය ඉතා සාර්ථකව ඔබේ දුරකථන ඇමතුම මිතුරා වෙත යොමුකිරීමට ද සමත් බව මයික්‍රොෙසොෆ්ට් පවසයි.

වඩාත් වැදගත්ම කාරණය වන්නේ කොර්ටානා හට විවිධ දත්ත, Notebook එකක දත්ත ලෙස සටහන් කරගැනීමටත් නැවත ලබා දීමටත් ඇති හැකියාවයි. ඒ අනුව ඇයට විවිධ සිතියම් දත්ත, පුද්ගලික දත්ත, සිහිගැන්වීම් වැනි බොහෝ දේ මතක තබා ගැනීම සඳහා ඔබට සහාය වන්නට ඇයට හැකියාව ඇත.

එමෙන්ම Google Now මෙන් ගුවන්යානා පිළිබඳ විස්තරත්, ඔබේ ඊමේල් පණිවුඩ කියවා බලා ඒවායෛ් ඇති වැදගත් දින, වේලාවන් ඔබට මතක් කිරීමටත් කොර්ටානා සමත් ය.

SEE ALSO: 8Pattan.com – Best Source of Fun in Sri Lanka

cortanawp811_640.0_standard_800.0

cortanasettings1_560