නැවිය හැකි දුරකථනයකින් Samsung ස්මාර්ට් දුරකථන ලොව කළඹයි

ලොව ස්මාර්ට් දුරකථන ලොව ප්‍රමුඛයා ලෙස සැළකෙන Samsung සමාගම මීට පැය කිහිපයකට පෙර ඔවුන්ගේ නවතම “S” මාදිලියේ දුරකථන ත්‍රිත්වය සහ Samsung සමාගමේ ප්‍රථම Foldable ස්මාර්ට් දුරකථනය ඇතුළුව නවමවූ තාක්ෂණික උපකරණ කිහිපයක් නිල වශයෙන් ලොවට හඳුන්වා දුන්නා.

Samsung Fold ස්මාර්ට් දුරකථනය

Image Copyright: SoyaCincau.com

Samsung මෙම හඳුන්වාදීමට සමගාමිව ඔවුන්ගේ ප්‍රථම Foldable ස්මාර්ට් දුරකථනය ද හඳුන්වාදුන් අතර එයට බොහෝ දෙනෙකුගේ ඉතා හොඳ ප්‍රතිචාර හිමිවුණා. මෙය පොතක ආකාරයෙන් නැවිය දිගහැරිය හැකිය. එනම් මෙය අවශ්‍ය වූ විටක දුරකථනයක් ලෙසද ටැබ් (Tab) එකක් ලෙසද භාවිත කල හැකිය. මෙහි දුරකථනය අඟල් 4.6 ක තිරයකින් යුතුව භාවිත කළ හැකි අතර ටැබ් එක අඟල් 7.3 ක තිරයකින් යුතුව භාවිතා කල හැකිය. මෙහි එකවර apps තුනක් Multi Tasking වශයෙන් භාවිතා කිරීමට හැකි වීම, 12GB RAM ධාරිතාව සහ කැමරා 6 ක් තිබීම මෙහි ඇති සුවිශේෂී කරුණු වශයෙන් දැක්විය හැකිය.

Samsung “S10” මාදිලියේ දුරකථන ත්‍රිත්වය

Image Copyright: TechRadar

අප විසින් ගෙන එන ලද “Samsung සමාගමේ මීළඟ දුරකථනය ලීක් වෙයි…?” ලිපියේ දැක් වූ තොරතුරු සැබෑ කරමින් මෙවර Samsung සමාගම “S” මාදිලියේ දුරකථන ත්‍රිත්වයක් හඳුන්වා දුන්නා. මෙම දුරකථන Samsung Galaxy S10, S10 Plus සහ Samsung Galaxy S10e ලෙස නම්කර තිබෙනවා. Samsung Galaxy S10 සහ S10 Plus දුරකථන ද්විත්වය සෑම අතින්ම බොහෝ දුරට සමාන වන අතර Samsung Galaxy S10 E දුරකථනය S10 සහ S10 Plus දුරකථන ද්විත්වයටම වඩා තරමක් වෙනස් වෙනවා. Samsung Galaxy S10, S10 Plus දුරකථනවල ඇති සුපිරි කැමරා , ලොව ප්‍රථම Ultrasonic Fingerprint පහසුකම සහ 1TB Memory ධාරිතාවන් මෙහි ඇති සුවිශේෂී කරුණු වශයෙන් දැක්විය හැකිය.

Galaxy Buds , Samsung Watch සහ Galaxy Fit

Image Copyright: AppleInsider

මෙම නවතම Galaxy Buds සඳහා නවතම Chipset එකක් යොදාගෙන ඇති අතර එම නිසා එක් වරක් Charge කිරීමෙන් පැය 6ක කාලයක් එකදිගට භාවිත කළ හැකිය. මෙය ප්‍රථම වතාවට Wireless Charging පහසුකම්න් යුක්ත වෙන අතර එය bixby තාක්‍ෂණයෙන් ද සමන්විත වෙනවා. එමෙන්ම මෙවර Samsung සමාගම ඔවුන්ගේ නවතම Watch එක ලෙස Galaxy Watch Active සහ Fitness Tracker එකක් ලෙස Galaxy Fit යන උපකරණ මෙහිදී හඳුන්වාදුන්නා. මෙම උපකරණ සඳහා ද ඉතා හොඳ ප්‍රතිචාර හිමි වුවා.

Samsung සමාගම හඳුන්වාදුන් මෙම සියලුම දුරකථන සහ උපකරණ එක් එක් වශයෙන් සවිස්තරාත්මකව ඔබවෙත නුදුරේදීම ගෙන ඒමට අපි සූදානම්. මෙවැනි අලුත්ම තොරතුරු අනිත් අයටත් දැනගන්න Share කරන්න.