Samsung Galaxy S5 ගැන දැනට ඔබ දැනගත යුතු සියලු දේ

, , Leave a comment

Consumer Electronics Show නම් ඔවුන්ගේ නවතම උත්සව අවස්ථාවකදී Samsung Galaxy S5 මේ මස තුල එලි දැක්වීමට නියමිත බව සඳහන් වේ. තවද මේ මසදී පැවැත්වෙන Mobile World Congress තුලදීද Samsung සමගම විසින් සිය නවතම smart දුරකථනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. Galaxy S4 පසුගිය වසරේ මාර්තු වල හදුන්ව දීමෙන් අනතුරුව Galaxy S5, Milkyway Galaxy S5 යන නව කේත නාමයෙන් හඳුන්වා දීමට අදහස් කෙරුණා.

Galaxy Round මෙන් නම්‍යශීලී තිරයකින් හා Octa-Core processor සහිතව 4GB Ram එකකින්ද මෙය සමන්විත වන බව පැවසෙනවා. දුරකතනයේ හිමිකරු තිරය දෙස බලු පමණින unlock වන look to unlock පහසුකමද මෙයට එක වී ඇති බවට අනුමාන කෙරෙනවා. ඒ වාගේම මෙහි තිරය අති පැහැදිලි 2K තිරයක් වනු ඇති බවද සඳහන්. මේ සියළු පහසුකම් වලින් සමන්විත ගැලැක්සි S5 දුරකථනය සැබෑවටම කෙසේ වේවිද යන්න දැනගන්නට නම් මේ මස 24 වනදා දක්වා ඔබට ඉවසා සිටීමට සිදුවනවා. ඒ.. මේ නවතම දුරකථනයේ එළිදැක්වීමේ උළෙල පැවැත්වීමට සූදානම් කොට ඇත්තේ මේ මස 24 වන දා නිසයි.

පහතින් දැක්වෙන්නේ මේ නව ජංගම දුරකථනය කුමන ආකාරයක් ගනීද යන්න සිතා විවිධ පුද්ගලයින් හා විවිධ සමාගම් මඟින් නිර්මාණය කර ඇති ආකෘතීන් කිහිපයකි.

galaxy-s5-concept1

 

Leave a Reply