ලඟ ලඟම එන Samsung Galaxy Note 10

0
1142

Samsung සමාගමේ Note දුරකථන මාදිලිය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්, එයට හේතුව මෙය Samsung සමාගමෙන් එතෙක් මෙතෙක් බිහිවූ සුපිරි මට්ටමේ දුරකථන මාදිලියක් වීමයි. කොහොම වුවත් Samsung Note මාදිලියේ නවතම දුරකථනය වන Samsung Galaxy Note 10 දුරකථනය එළඹෙන අගෝස්තු මස 17 වැනිදා නිල වශයෙන් නිකුත් වීමට නියමිතයි.

මෙවර Note 10 දුරකථනය සඳහා නැවුම් වෙනස්කම් කිහිපයක්ම සිදුවනු ඇති බවට අනුමාන කිරීමට හැකියාව තිබෙනවා. එනම් Samsung සමාගම මෙවර “S Pen” එකට සහ “Single camera”, එහෙමත් නැතිනම් තනි කැමරාවකට මුල්තැන ලබාදී තිබෙන බවටත් සාක්ෂි සොයාගැනීමට පුළුවන්. අන්තර්ජාලය තුල පළවන තොරතුරු අනුව ගත් කළ මෙවර Note 10 දුරකථනයේ ඉදිරිපස ඉහළ මැද එක් කැමරාවක් පමණක් දැකගැනීමට පුළුවන්. ඒ වගේම පිටුපස කැමරා ත්‍රිත්වයක්ද දැකගැනීමට පුළුවන්.

Image Copyright: India Today

ඒ වගේම මෙවර Samsung Galaxy Note 10 දුරකථනය අඟල් 6.28 ක් සහ 6.75 ක් ලෙස ප්‍රමාණ ද්විත්වයකින් නිකුත් වේයැයි, අන්තර්ජාල තොරතුරු සඳහන් කරනවා. තවද 3.5mm headphone jack එක ගැනත්, Note 10 දුරකථනයේ හැඩය පිළිබඳවත් විවිද පුවත් රැසක් අන්තර්ජාලයේ දී දැකගැනීමට පුළුවන්.

කෙසේ වෙතත් මෙවර Samsung Galaxy Note 10 දුරකථනය කොහොම වෙයිද කියලා එළඹෙන අගෝස්තු මාසයේදී නිවැරදිවම දැනගැනීමට පුළුවන්. ඒ වගේම Note 10 Event එකේදී දැනට පවතින Samsung නිෂ්පාදන රැසකටම අලුත්ම Updates නිකුත් කිරීමටද නියමිත බව සඳහන්. 

මේ පිළිබඳව දිනෙන් දින යාවත්කාලීන වන අලුත්ම තොරතුරු දැනගන්න අපිත් සමඟින් රැඳී සිටින්න. මේ වගේ අලුත්ම තොරතුරු අනිත් යටත් දැනගන්න Share කරන්න.