Samsung සමාගමේ මීළඟ දුරකථනය ලීක් වෙයි…?

මීළඟ Samsung දුරකථනය නිකුත් වීමට මසකටත් වඩා අඩු කාලයක් පමණක් තිබියදී, එම දුරකථනය පිළිබඳ වූ නිල නොවන තොරතුරු කිහිපයකට මේ වනවිට කාගේත් අවදානයට යොමු වී තිබෙනවා. මෙම තොරතුරු වලට අනුව මීළඟ Samsung දුරකථන Galaxy S10 සහ Galaxy S10+ (Plus) ලෙස නම්කර තිබෙන අතර එම දුරකථන වල ඡයා රූප කිහිපයක්ද නිකුත් වී තිබෙනවා.

Image Copyright: The Verge

මෙම ඡයා රූප වලට අනුව Samsung Galaxy S10+ දුරකථනය සෙල්ෆි කැමරා ද්විත්වයකින් සමන්විත අතර එය Hole-punch තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇත. Samsung Galaxy S10 දුරකථනය සඳහාද Hole-punch තාක්ෂණය යොදාගෙන ඇති අතර මේ සඳහා එක් සෙල්ෆි කැමරාවක් පමණක් යොදාගෙන තිබෙනවා. තවද මෙම දුරකථන දෙකෙහිම පසුපස කැමරා ත්‍රිත්වයක් දකින්නට ලැබෙනවා. පෙර Galaxy S9 දුරකථනවල පසුපස පිහිටි Finger print පහසුකම මෙම දුරකථනයේ දක්නට නොලැබෙන අතර ඒ වෙනුවට Inscreen Finger print පහසුකම අඩංගු වේ යැයි අනුමාන කල හැකිය.

මෙම දුරකථන ද්විත්වයේම UI (User Interface) පෙර පැවති Samsung Galaxy S9 දුරකථන මාදිලියට වඩා තරමක් වෙනස් වන අතර Galaxy S9 දුරකථන මාදිලියට සමාන ගුණාංග කිහිපයක්ද දැකගැනීමට පුළුවන්. ඒ අතර Bezels කවාකාර සිහින් තිරය, USB-C සහ Headphone jack එකද දැකිය හැකිය.

Image Copyright: The Verge

කෙසේවෙතත් එළඹෙන පෙබරවාරියේ Samsung සමාගම ඔවුන්ගේ නවතම දුරකථන නිල වශයෙන් නිකුත් කිරීමට නියමිත අතර බොහෝදෙනා පවසන පරිදි මෙවර Samsung දුරකථන ත්‍රිත්වයක් නිකුත් වේයැයි බලාපොරොත්තු විය හැකිය.