Samsung Galaxy Grand පවුලේ අලුත්ම සාමාජිකයා

, , Leave a comment

ප්‍රමාණයෙන් විශාල Samsung ජංගම දුරකතන මාලාවේ නවතම සාමාජිකයා ලෙස Samsung Galaxy Grand 2 අද දින එළිදක්වන ලදී. පෙනුමෙන් Galaxy Note 3 ට බොහෝ සෙයින් සමාන මෙම නව දුරකතනයේ පිටුපස කෘතිම ලෙදර් වලින් නිමවා ඇත.

අඟල් 5.25 ක 1280×720 LCD තිරයක් සහිත මෙය WVGA තිරයක් තිබූ පැරණි සංස්කරණයේ වැඩි දියුණුවකි.  1.2GHz quad-core processor කින් පණ ලැබෙන මෙහි  1.5 GB RAM මතකයක්ද, 8GB අභ්‍යන්තර ධාරිතාවක් (Internal Storage Space) ද අමතර microSD ද භාවිත කල හැක. නවතම 2,600mAh බැටරිය නිසාවෙන් බැටරි ජීව කාලයද වැඩි වී ඇත. කෙසේ වුවත් තවමත් මෙහි ඇත්තේ 8MP Camera වන අතර Grand 1 මෙන්ම මෙම ජංගම දුරකතනයද ද්විත්ව සිම්පත් (Dual Sim) සඳහා සක්‍රීය ය. Android 4.3 Jelly Bean මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වන මෙය ප්‍රධාණ වශයෙන් සුදු පැහැයෙන් යුතුව වෙළඳ පොළට පැමිණීමට නියමිත ය.

gsmarena_001 (1)

 

Leave a Reply