නැවෙන Phone එක කැඩෙන ලකුණු

පසුගිය කාලයේ දුරකථන ලෝකයේ මහත් ප්‍රසිද්ධියට පත් වූ “සැම්සුන්ග් නැවිය හැකි දුරකථන” හෙවත් Samsung Galaxy Fold පිළිබඳව මේ වනවිට මහත් ආන්දෝලනාත්මක පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා. ඒ නවතම Samsung Galaxy Fold දුරකථනය කැඩීයාම හේතු කොටගෙනයි.

මෑතකදී Samsung සමාගම විසින් ලෝක දුරකථන වෙළඳපොළට හඳුන්වාදුන් නවතම Samsung Galaxy Fold දුරකථනය ලොව පුරා සිටින ප්‍රසිද්ධ Phone Reviewers ලා කිහිප දෙනෙකුටම ලබාදී තිබෙන අතර ඉන් කිහිප දෙනෙකුගේම දුරකථන වල තිරය කැඩී ගොස් තිබෙන බව ඔවුන්ගේ නිල Twitter ගිණුම් වල දැකගන්නට පුළුවන් වුණා.

Image Copyright: The Verge

මෙයට ප්‍රධාන හේතුවක් විදියට ඔවුන් පෙන්වා දෙන්නේ Samsung Galaxy Fold දුරකථනයේ තිරය මත ආරක්ෂක ආවරණයක් අඩංගු වූවත් Samsung සමාගම විසින් Review සඳහා ඔවුන්ට ලබාදී ඇති දුරකථනයේ මෙම ආරක්ෂක ආවරණය පිළිබඳව සටහන් නොකර තිබීමයි. ඔවුන් විසින් මෙම තිරය මත ඇති ආවරණය සාමාන්‍ය Screen Protector එකක් ලෙස ඉවත් කිරීමට යාමෙන් මෙම දුරකථනය හානියට පත් වී තිබෙනවා. තවද මෙම දුරකථන වල තිර ද්විත්වයන්ගෙන් එකක් පමණක් ක්‍රියාවිරහිත වීම, තිර පිපිරීම සහ තිරය මත කුඩා ඉරි මතු වීම වැනි දෝෂ කිහිපයක්ම දැකගැනීමට පුළුවන්.

Image Copyright: 9to5google.com

කෙසේ නමුත් දැනටත් මෙම දුරකථනය ලොව පුරා Pre Order සඳහා පහසුකම් සලසා දී තිබෙන අතර ඉහත සඳහන් ගැටළු මේ වනවිට සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් ප්‍රචාරය වීම හේතු කොටගෙන Samsung Galaxy Fold දුරකථනය සඳහා ඇති ඉල්ලුම විශාල වශයෙන් අඩුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. එමඟින් Samsung Fold දුරකථන සඳහා පාරිභෝගිකයන් සඳහා ඇති විශ්වාසය බිඳී යාමට මෙම හේතුන් ප්‍රමාණවත් වෙනවා.

Image Copyright: 9to5google.com

Samsung සමාගම විසින් මෙම Galaxy Fold දුරකථනයට අළුත් Display එකක් ලබා දෙයිද? Samsung Galaxy Fold දුරකථන නිෂ්පාදනය නවතා දමයිද? මේ ආකාරයෙන් මෙම දුරකථනයේ ඇති වී තිබෙන ගැටළු පිළිබඳව Samsung ලබාදෙන විසඳුම ගැන ලොව පුරා පාරිභෝගිකයන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

Image Copyright: 9to5google.com

කෙසේ වුවත් මෙම ගැටළුව ඉතා කුඩා ගැටළුවක් වන්නට පුළුවන්. මෙම ගැටලුව Phone Reviewers ලා කිහිප දෙනෙකුට පමණක් සිදුවී ඇති අතර එමඟින් සියළුම Samsung Galaxy Fold දුරකථන ගැන නිගමනයකට එළඹිය නොහැකි අතර මේ ගැන පළවන අළුත්ම තොරතුරු ගැන ඔබව දැනුවත් කිරීමට අප සූදානම්.