පුද්ගලයෙකු රෝහල්ගත කිරීමට පවා සිදු වූ ප්‍රසිද්ධ ක්‍රීඩාව

මේ වනවිට ලෝකය පුරා ප්‍රසිද්ධ “PUBG” නමැති ජංගම දුරකථන ක්‍රීඩාව හේතුවෙන් රෝහල්ගත වූ පුද්ගලයෙකු පිලිබඳ පුවතක් අපේ අසල්වැසි රටින් එනම් ඉන්දියාවෙන් වාර්තා වෙනවා, මොහු වෘතීයෙන් කායවර්ධන උපදේශකයෙක් වන අතර මෙම පුද්ගලයා විසින් “PUBG” ක්‍රීඩාවෙහි අධික වශයෙන් නියැලී සිට තිබෙනවා. මෙමගින් ඇතිවූ මානසික පීඩනකාරී තත්වය හේතුවෙන් මොහු විසින් තමන්ටම පහරදී හානිකර ගෙන තිබෙනවා. මොහු විසින් දින දහයක පමණ කාලයක් මෙම ක්‍රියාවේ නිරතවී ඇති අතර එම නිසා සිදුවූ අනතුරු හේතුවෙන් මොහුව රෝහල් ගත කොට ඇති බව සඳහන් වෙනවා.

වෛද්‍යවරුන් පවසන ආකාරයට මෙහුගේ මානසික මට්ටම මුළුමනින්ම PUBG හේතුවෙන් බිඳවැටී තිබෙනවා. මේ වනවිට වෛද්‍යවරුන් විසින් මොහු හට ප්‍රතිකාර කරමින් පවතින බවත්, මෙම ප්‍රතිකාර හේතුවෙන් ඉතා ඉක්මනින් මොහු සුව වනු ඇති බවත් ප්‍රකාශ කර තිබෙනවා. තවද වෛද්‍ය වාර්තා අනුව මෙවැනි හේතුන් මත රෝහල් ගතවන පිරිස ඉහළ යමින් පවතින බව සඳහන් වෙනවා.

Image Copyright: YouTube

ඇත්තටම මෙවැනි තාක්ෂණික නිර්මාණ හොඳද ?

තාක්ෂණය දියුණුවත් සමඟින් නිර්මාණය වන ජංගම දුරකථන ක්‍රීඩාවන් හී නිරතවීමෙහි කිසිඳු ගැටලුවක් නැත. එහෙත් මෙවැනි ක්‍රීඩාවන් වල නිරතවෙන ආකාරය පිළිබඳව ඔබ විසින් සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් තාක්ෂණය සමඟ, එහි ඇති හොඳ සහ නරක පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම තුලින් තාක්ෂණයේ ඇති ඵලදායීතාව නිසියාකාරව ප්‍රයෝජනයට ගත හැකිය.

මේ ගැන ඔබගේ යාලුවන්ටත් දැනගන්න Share කරන්න. මෙවැනි තොරතුරු රාශියක් ගැන දැනගන්න අපිත් සමඟ එකතු වෙන්න.