Touch වෙනුවට නුදුරේදීම එන්න යන නවතම තාක්ෂණය මෙන්න

0
195
Image Copyright: Trusted Reviews

නව තාක්ෂණය පිළිබඳ නිරතුරුවම අත්හදාබැලීම් සිදුකරන Google සමාගම විසින් වසර කිහිපයකට පෙර සිට සිදුකරගෙන එනු ලැබූ පරීක්ෂණයක් වෙනුවෙන් නීතිමය අවසර ලැබී තිබෙනවා. “Project Soli” ලෙස නම් කර ඇති මෙමගින් අනාගතයේදී මිනිස් ඉරියව් භාවිතයෙන් තාක්ෂණික උපකරණ පාලනය කිරීමේ හැකියාව පවතින බව සඳහන් වෙනවා.

මොකක්ද මේ Project Soli…?

Image Copyright: dezeen.com

තාක්ෂණය උපයෝගී කරගෙන මිනිස් ඉරියව් මගින් උපකරණ පාලනය සහ ක්‍රියාකරවීම ආදී කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම මෙමගින් සිදු කෙරේ. මෙහි මූලික අදියර වශයෙන් මිනිස් දෑතේ මහපට ඇඟිල්ල සහ දඹර ඇඟිල්ල සෙලවෙන ආකාරය මගින් කිසියම් උපකරණයකට විධාන ලබාගැනීම සිදුකරණු ලබනවා. මේ සඳහා කුඩා චිපයක් යොදාගෙන ඇති අතර එමගින් නිකුත් කරන රේඩාර් කිරණ මගින් ඇඟිලි සෙලවෙන තරංග රටාවන් හඳුනාගෙන එම රටාවන් පරිඝනකයකයක ගබඩා කරගනු ලබනවා. ඉන් අනතුරුව එම එක්  එක් රටාවන්ට අනන්‍ය වූ විධානයන් “Project Soli” හි සේවය කරන පරිඝණක විශේෂඥයන් විසින් නිර්මාණය කරනු ලබනවා.

පසුගිය වසර කිහිපයකම සිට සිදුකරනු ලැබූ පරීක්ෂණ සඳහා මේ වනවිට ඇමරිකාවේ FCC ආයතනය මගින් අවසර ලැබී තිබෙනවා. මෙම සාර්ථක ප්‍රතිපල හේතුවෙන් අනාගත පරීක්ෂණ කටයුතු සඳහා සුභවාදී සලකුණු පහල වී තිබෙනවා. මෙම නව සොයාගැනීම දැනට පවතින touch තාක්ෂණයට අනාගතයේදී හොඳ විකල්පයක් වේ යැයි සිතිය හැකිය.