Project Ara මීළඟ ජනවාරි මස වෙළඳපොළ‍ට පැමිණෙන ලකුණු

, , Leave a comment

Project Ara එසේත් නැතිනම් දැනට තිබෙන දුරකථන වලට වැඩි කලක් තමන් සතුව තබා ගත හැකි මොඩියුලර් වර්ගයේ දුරකථනයක් Google සමාගම විසින් නිපදවන බව දැනට ටික කලකට කලින් අන්තර්ජාලය හරහා වාර්ථා විය.  මෙය 2015 ජනවාරි මස ඩොලර් 50ක් (ලංකාවේ මුදලින් රු.6600ක් පමණ) වැනි සුළු මුදලකට වෙළඳපොළට නිකුත්කරන බව පසුගිය දිනෙක පැවති Ara Developer’s Conference ‍හිදී Ara ව්‍යාපෘති ප්‍රධානී Paul Eremenko විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

ProjectAra2

කෙසේවෙතත් මේ මුදලට ලැබෙන දුරකථනය අංගසම්පූර්ණ දුරකථනයක් නම්නොවේ. මූලිකව මෙම දුරකථනය සමඟ ප්‍රොසෙසරය, දුරකථන රාමුව (‍Frame), තිරය (Screen) සහ පහසුකමක් වශයෙන් WiFi ලැබෙන බවට ප්‍රකාශයට පත්කර ඇත. කැමරාව, මතකය ආදී ඉතිරි උපාංග ඔබට රිසිසේ මොඩියුල වශයෙන් මෙම දුරකථනයට සවිකර ගතහැක.

 

 

Leave a Reply