විදුලි වාහන වලට සහන – බයිසිකලයට මුල්තැන

, , Leave a comment

විදුලියෙන් ධාවනය වන වාහන මෙරට වෙළෙඳ පොළට වැඩිපුර හඳුන්වාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති චම්පික රණවක මහතා ඊයේ දිනයේ දී (7) පවසා සිටියා.

මෙරට ඉන්ධන භාවිතය අවම කිරීමේ අරමුණින් පාපැදිය නැවත ප්‍රචලිත කිරීමේ වැඩසටහනකදීයි ඇමැතිවරයා මෙම අදහස්‌ ප්‍රකාශ කළේ. මේ වැඩසටහන සඳහා ඇමතිවරයා ඇතුලු දහසකට අධික පිරිසක් සහභාගී විය.නියමු ව්‍යාපෘතියක්‌ ලෙස පැවැති මෙම වැඩසටහනේදී ඇමැතිවරයා ප්‍රමුඛ පිරිස බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව පාලම අසල සිට නිදහස්‌ මන්දිරය තෙක්‌ පාපැදිවලින් පැමිණියහ.

පාඨලී වම්පික ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් කියා සිටියේ මෙරට වෙළෙඳ පොළට විදුලියෙන් ධාවනය වන වාහන හඳුන්වාදී එම වාහනවල විදුලි කෝෂ ආරෝපණය කිරීම වෙනුවෙන් විදුලි සහනයක්‌ පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන බවය.

ජාතික ඖෂධ අධිකාරියේ සභාපති අමල් හර්ෂ ද සිල්වා මහතා මෙහිදී කියා සිටියේ සමාජයේ ඉහළතලයේ අය සඳහා හඳුන්වා දීමට කටයුතු කළ මෙම ව්‍යාපෘතිය මගින් දියවැඩියාව, හෘදයාබාධ, අඝාතය (අංශ භාගය), ස්‌ථූලතාව ඇතුළු රෝග12 ක්‌ පමණ වැළඳීමෙන් ආරක්‍ෂා විය හැකි බවය.

වසර තිස්‌පහක්‌ රත්නපුරේ සිට කොළඹට පාපැදියෙන් පැමිණ රැකියාව කළ ජාතික පාපැදි ශූරයකු වන ඒ. එම්. සුමනවීර මහතාද, බොනිපස්‌ පෙරේරා, සී. සුගතපාල, නිහාල් කුලසේකර, වී. හේමපාල, සේන රණසිංහ ඇතුළු දැනට දිවයිනේ සිටින පාපැදි ශූරයෝ රැසක්‌ද මෙම අවස්‌ථාවට එක්‌වූ අතර ඒ පිරිස ඇමැතිවරයා සමග ඊයේ (07 දා) මෙම සංකේතාත්මක පාපැදි සවාරියට එක්‌වූහ.

Patali Champika Bicycle Parade Electric Vehicle (6) Patali Champika Bicycle Parade Electric Vehicle (5) Patali Champika Bicycle Parade Electric Vehicle (4) Patali Champika Bicycle Parade Electric Vehicle (2) Patali Champika Bicycle Parade Electric Vehicle (1)

 

Leave a Reply