OPPO ලංකාවට – OPPO ගැන ඔබ දැනගතයුතු දේ

, , 6 Comments

OPPO (ඕපෝ) කියන්නේ ලංකාව තුල ඒතරම් ප්‍රචලිත නැති ජංගම දුරකථන නිෂ්පාදකයෙක්. ඒත් OPPO චීනයේ නම් මුල් තැන දිනාගෙන ඉන්න ජංගම දුරකථන මාදිලියක්. වසර 10කට අධීක කාලයක් විවිධ තාක්ෂණික නිර්මාන ලොවට හඳුන්වා දුන් OPPO දැන් ලංකාවට ඇවිත්. ඉතින් OPPO කණ්ඩායම ලංකාවට ඇවිත් මුලින්ම හොයාගෙන ආවේ TechGuru.lk අපවයි.

ඒ එයාලගේ පෙරළිකාර ජංගම දුරකථන නිෂ්පාදන කිහිපයකුත් අරගෙනමයි. ඉතින් අපිට අවස්ථාව ලැබුනා ඒ ජංගම දුරකථන පාවිච්චි කරලා බලන්න. OPPO N3 ජංගම දුරකථනය ලෝකයේ බොහෝදෙනෙක් අතරේ වැඩි අවධානයක් දිනාගත්ත ජංගම දුරකථනයක්. කරකවා වෙනස් කල හැකි සුපිරි කැමරාවක් ඇති මේ ජංගම දුරකථනය ගැන දන්නේ නැත්නම් මේ වීඩියෝව බලලා ඉන්න.

මේ වන විට OPPO විසින් ජංගම දුරකථන මාදිලි ගණනාවක්ම නිකුත් කර තිබෙනවා. එම OPPO ජංගම දුරකථන බෙහෙවින් ජනප්‍රිය වීමට හේතුව උසස් නිමාවත් “සාපේක්ෂව” අඩු මිලත් ය. මීට අමතරව වැඩි බැටරි ආයු කාලය, විශාල තිරය සහ ඉක්මනින් ආරෝපණය කළ හැකි වීම වගේ අමතර වාසිත් OPPO ජංගම දුරකථන හරහා ලබාගන්න පුළුවනි. ඒ වගේම මෑතක් වන තෙක්ම ලොව සිහින්ම ජංගම දුරකථනය බවට පත්වූයේත් OPPO ජංගම දුරකථනයක් වන OPPO R5 දුරකථනයයි.

OPPO ගැන නොදන්නවා වුනත් ඔයාලා හැමෝම දන්නවා ඇති OnePlus ගැන. ඒකත් දන්නේ නැත්නම් OnePlus One ෆෝන් එකගැන අපි පළකරපු ලිපිය කියවන්න. ඉතින් OnePlus කියන්නේ OPPO සමාගමේ අනුසමාගමක්. ඒ වගේම OPPO ජංගම දුරකතනත් බොහෝමයක් OnePlus One වගේ හොඳ තත්වයේ ඒවා. හැබැයි OPPO සමාගම වැඩකරන්නේ OnePlus වගේ නෙවෙයි. චීන සහ ආසියානු කලාපයේ ජංගම දුරකථන වෙළඳපල තුල තිබෙන iPhone සමඟ තරඟයටයි OPPO සිය කටයුතු මෙහෙයවන්නේ.

Leaked design shows the R7 in a gold color [1280x768]

OPPO R7 කියන්නේ OPPO සමාගමේ අලුත්ම ජංගම දුරකථනය යි. iPhone 6 ජංගම දුරකථනය සමඟ තරඟයට නිකුත් කළ මේ Android දුරකථනයේත් තරමක් විශාල OPPO R7 Plus නමින් සංස්කරණයක්ද වනවා. මීට අමතරව තවත් සාමාන්‍ය මිලෙන් අඩු ජංගම දුරකථන කිහිපයකුත් OPPO නිෂ්පාදන අතර වනවා. කෙසේ නමුත් OPPO නියෝජිතයින් පවසන පරිදි ඔවුන් ලංකාව තුල වැඩි වශයෙන් ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වන්නේ OPPO N3, OPPO Joy Plus සහ OPPO Neo 5 කියන ජංගම දුරකථනයි.

ඉතින් OPPO ජංගම දුරකථන ගැන තවත් තොරතුරු සහ Review අපි නුදුරේදීම පළකරන්නට බලාපොරොත්තු වනවා. ඒ වගේම ලංකාවට තවමත් අලුත් OPPO සමාගමේ සේවය කරන්න ඔයාල කැමතිනම් මෙතැනින් ඒ තොරතුරු ලබාගන්න පුළුවන්. ඔබේ CV මේ විද්‍යුත් ලිපිනයට එවන්න. careers@oppo.com.lk

 

 

6 Responses

  1. Lakshitha Munasinghe

    May 22, 2015 7:54 pm

    I tried to apply for Oppo but Application not submit properly (Page Delete)

    Reply
  2. වේසී

    May 25, 2015 6:49 am

    ඉස්සෙල්ලම උබලා හොයන් එන්න උබලා මොන පක්කුද හුත්තෝ

    Reply
  3. Sanka Subhashana

    June 13, 2015 12:17 pm

    මම මැලේසියා ඉන්නේ මෙහේ oppo ගොඩක් අය පාවිචිචි කරනවා මගේ ලග තියෙන්නෙත් oppo neo 5 4g ඇත්තටම හොද phone ඵකක් speed ඵක අතින් ගොඩක් හොදයි.

    Reply

Leave a Reply