McLaren එකක් වගේ එන අලුත්ම OnePlus දුරකථනය

ස්මාර්ට් දුරකථන ලෝකයට අලුත් අලුත් දේ හඳුන්වාදෙන OnePlus සමාගම ඔවුන්ගේ පස්වැනි වසර සැමරීම සඳහා මේ වනවිට සූදානමින් ඉන්නවා. OnePlus සමාගම මේ සැමරුම සිදු කරන්නේ පාරිභෝගිකයන් හට තවත් අලුත් අත්දැකීමක්  එක්ක. ඒ නවතම OnePlus 6T McLaren සමගින්. 

OnePlus සහ McLaren දෙකෙහි ලාංජන
OnePlus සහ McLaren දෙකෙහි ලාංජන
(Image Copyright: Scroll.in)


මොකද්ද මේ OnePlus 6T MacLaren ?

එංගලන්තයේ සුප්‍රකට Racing Car නිෂ්පාදන සන්නාමයක් වන McLaren සමාගම සමග එකතු වී OnePlus මෙම නවතම දුරකථනය නිපදවා තිබෙනවා. McLaren කියන්නේ රෙසින්ග් කාර් සඳහාම ප්‍රසිද්ධ නමක්, ඇත්තටම OnePlus සමාගම  McLaren සමගින් එකතු වීමට විශේෂ හේතුවක් තිබෙනවා. වර්තමාන ලෝකය හැම දෙයක්ම ගොඩක් වේගවත්, විශේෂයෙන්ම තාක්‍ෂණය. “වේගය”, මෙම හේතුව නිසා අලුත්ම OnePlus 6T දුරකථනය නිපදවීම සඳහා McLaren සමාගම සම්බන්ධ වී තිබෙනවා.

OnePlus 6T McLaren  මෝටර් රථ ධාවකයෙකු අතැතිව.
OnePlus 6T McLaren මෝටර් රථ ධාවකයෙකු අතැතිව
(Image Copyright: Android Authority)

අලුත්ම OnePlus 6T McLaren දුරකථනය 10 GB RAM එකකින් සහ 256 GB Memory එකකින් සමන්විත වෙනවා, ඇන්ඩ්‍රෝයිඩ් මත නිර්මාණය කර ඇති ඔක්සිජන් OS 9.0.5 යොදාගෙන නිපදවා තිබෙන මෙයට 3700 ක ලිතියම් අයන් බැටරියක් තිබෙනවා. OnePlus 6T McLaren සඳහා සුවිශේෂ අංග කිහිපයක් ඇත,

  •  තිරය මතුපිට ඇති වේගවත්ම Finger  Print තාක්ෂණය.
  • Wrap 30 Quick Charging තාක්ෂණය.
  • කාර්බන් ෆයිබර් නිමාව.

ආදී වශයෙන් සුවිශේෂ ගුණාංග කිහිපයක් OnePlus 6T McLaren සතුව තිබෙනවා.

(Image Copyright: Breaking tech)

OnePlus සමාගමට අනුව McLaren මෝටර් රථ මෙන් සුපිරි වේගයකින් සමන්විත වන නවතම OnePlus 6T McLaren දුරකථනය මේ මස දෙසැම්බර් 13 වන දින එළිදැක්වීමට නියමිතයි. අනාගතයේදී දුරකථන ලොවට එකතු වීමට නියමිත නවතම OnePlus 6T McLaren දුරකථනය OnePlus ඇතුළු අනෙකුත් ජංගම දුරකථන රසිකයන්  හට නව අත්දැකීමක් ලබා දෙනු ඇත.