ලොවපුරා දුරකථන ඇමතුම් වලින් 80%ක් ඇමරිකාව පටිගත කරලා

, , 1 Comment

ලොවපුරා සිදුවන දුරකථන සංවාද වලින් 80% පමණ ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) විසින් පටිගත කරනු ලබන බව එම ආයතනයේ හිටපු ප්‍රධාන තාක්ෂනික නිළධාරියෙකු වන William Binney අනාවරණය කර සිටී. ලන්ඩනයේ ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් සඳහා මධ්‍යස්ථානය විසින් පැවැත්වූ සමුළුවක් අමතමින් මේ වන පවසා සිටි ඔහු ජාතික ආරක්ෂක ඒජන්සියේ ක්‍රියාකලාපයන් අනාවරණය කල ඉහළම තනතුරක් දැරී නිළධාරියා වේ. ඇමරිකාවේ ලෝ්ක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ 9/11 ප්‍රහාරයෙන් පසුව ඇමරිකානු ඔත්තු ආයතන විසින් සාමාන්‍ය ජනතාවගේ පුද්ගලිකත්වයට එල්ල කරන බලපෑම් පිළිබඳ කළකිරුනු ඔහු NSA වෙතින් ඉවත්විය.

Former NSA technical director Binney sits in the witness stand of a parliamentary inquiry in Berlin
William Binney

Binney පවසන්නේ ලොවු පුරා විසිරී ඇති ප‍්‍රකාශ තන්තු කේබලයන්ගෙන් 80%ක් ඇමරිකාව හරහා ගමන් කරන හෙයින් දුරකථන ඇමතුම් ලෙසම ඒවා පටිගත කර ගඩඩා කරගැනීමේ හැකියාව ඇමරිකාව සතුවන බවයි. ඔවුන් විසින් රැස් කරගන්නේ මෙටා දත්ත (Meta Data) පමණක් බව පැවසුණද තමන් ලබාගන්නා දේ පිළිබඳව ජාතික ආරක්ෂක ඒජන්සිය කිසිවිටකත් ඇත්ත නොකියන බවද ඔහු පවසා තිබේ. තමන් NSA වෙතින් ඉවත් වීමත් සමඟ ඔහුගේ ලිපි ලේඛන කිසිවක් වලංගු නොවන බැවින් තම අනාවරණයන්ට සාක්ෂි ඉදිරිපත් කිරීමට Binney අසමක් විය. සමස්ත ජනගහනයම පාලනය කිරීම ඇමරිකානු බුද්ධි අංශවල අරමුණ වන බවද, දැන් දැන් නිකුත් වන උසාවි නියෝග අනුව එය තවදුරටත් පැහැදිලි වන බවද ඔහු තවදුරටත් පවසා සිටී.

තමන් රැස්කරන්නේ ත්‍රස්ථවාදීන් සමඟ සම්බන්ධතා ඇතැයි සැලකෙන අයගේ තොරතුරු පමණක් බව ඇමරිකානු රජය පවසා සිටියත් Binney පවසන්නේ එය සම්පූර්ණ අසත්‍යයක් බවයි. තවද මේ පිළිබඳව විදෙස් ආරක්ෂණ අධිකරණයට පැමිණිලි යොමු වී ඇති වුවත් අධිකරණයද ඇමරිකානු රජයට පක්ෂපාතීව කටයුතු කරන බවද Binney පවසා සිටී.

[signoff predefined=”Syco Me Facebook Like”][/signoff]

 

One Response

Leave a Reply