කවුරුත් කතාවෙන “Libra” මෙන්න

0
1243

Facebook කිව්වම බොහෝ පිරිසක් දන්නේ සමාජ මාධ්‍ය රැසකම හිමිකාර සමාගමක් විදිහටයි. අන්න ඒ Facebook සමාගම විසින් ලොකු පෙරළියක් කරමින් අළුත්ම මුදල් ඒකකයක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

Facebook ආයතනය විසින් ඉදිරියේදී ගෝලීය ආර්ථිකය පරිවර්තනය කල හැකි යැයි සැළකෙන නවතම cryptocurrency  වැඩපිළිවෙලක් නුදුරේදීම දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. Facebook සමාගමට අනුබද්ධ මුල්‍ය ආයතනයක් වන Calibra සමාගම විසින් හඳුන්වාදෙන මෙය නගාසිටුවීම Facebook ආයතනය මගින් සිදු කරනු ලබනවා. එමෙන්ම ඔවුන් අදහස් කර ඇත්තේ මෙයට ව්‍යාපාර ප්‍රාග්ධන සමාගම්, ක්‍රෙඩිට් කාඩ්  පත් සමාගම් ඇතුළු තවත් සමාගම් ගණනාවක් සමඟ සහ තවත් ප්‍රමුක පෙලේ තාක්ෂණික සමාගම් ගණනාවක් ද මේ සඳහා සම්බන්ද කර ගැනීමටයි.

Image Copyright: France 24

මෙම Libra එලි දැක්වීමෙන් පසු ඔබට Massenger , Whatsapp  සාමාන්‍ය මුදල් හුවමරුකරණයේ අතර මැදියෙක් ලෙස භවිතා කල හැක. අවසානයේදී ඔවුන් Libra ගෙවීම් ක්‍රමයක් ලෙසත් අනෙකුත් මුල්‍ය සේවාවන්  Blockchain පදනම් කරගත් ජාලයක් ලෙසත් ගොඩ නැගීමටත් කටයුතු කරන බව පවසනවා. Facebook හි කොටස්කාර සමාගමක් වන Calibra සමාගම විසින් Libra මුදල් ඒකකය භාවිතා කළ හැකි නිෂ්පාදන හා සේවාවන් රැසක් හඳුන්වා දීමට නියමිතයි. තවද Calibra ආයතනය විසින් Libra හි සියලු කටයුතු හැසිරවීම සිදු කරයි. 

Facebook ආයතනයට ඉදිරියේදී පවතින අභියෝගය වන්නේ පෞද්ගලිකත්වය, සමාජ දේශපාලන හා ඒ ඒ සමාජවල පවතින අර්බුද වලට සරිලන ආකාරයට මෙම සේවාව සැපයීමට කටයුතු කරවීමයි. මෙම අර්බුද පිළිබඳව ඇති වූ තත්ත්ව නිසා Calibra ආයතනයේ නියාමකයන්ගේ යම් පසු බෑමක් සිදුවූ අතර මෙය 2020 දී වෙළඳපොළට නිකුත් කිරීමට පෙර Facebook ආයතනයට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවන බව පෙනී යයි.

කෙසේ වෙතත් නුදුරු අනාගතයේදී මේ නව මුදල් ඒකකය බොහෝ ජනප්‍රියත්වයට පත් වීමට ඉඩකඩ ඇත.