Technology for Sri Lankans

Nexus 6 ජංගම දුරකථනයේ ඡායාරූප අන්තර්ජාලයට ?

Google Nexus ජංගම දුරකථන පෙළ පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වුනා. ඒ අතරිනුත් Nexus S, Nexus හා Nexus 5 ජංගම දුරකථන ත්‍රිත්වය වැඩි අවධානයක් දිනාගත්තා. මේ Nexus දුරකථන පෙලේ අලුත්ම ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතිනවා. “Shamu” යන කේත නාමයෙන් හැඳින්වෙන Nexus 6 ජංගම දුරකථනය Motorola සමාගම විසින් නිෂ්පාදනය කරනු ඇති බවයි වාර්තා වන්නේ. මේ නව Nexus 6 හි ඡායාරූප මෙතෙක් එළිදැක්වී නොතිබුනත් පසුගියදා leak වුනු LG G3 ජංගම දුරකථනය හා තවත් විශාල දුරකථනයක් දැක්වෙන ඉහත ඡායාරූපයේ ඇත්තේ නුදුරේදී නිකුත් වීමට නියමිත Nexus 6 (Shamu) බවයි හෙළිව ඇත්තේ.

SEE ALSO: Nexus දුරකථන පරපුර නිමා වේ. මීලඟට එන Silver පරපුර ගැන දැනගනිමු!

මේ වසරේ IFA හීදී නිකුත් වූ Moto X 2014ජංගම දුරකථනයේ පෙනුමට ආසන්න පෙනුමකින් යුත් නව Nexus දුරකථනයේ තිරය අඟල් 5.92ක තිරයක් බවයි පැවසෙන්නේ. ඒ වගේම මෙගා පික්සල් 12 ක කැමරාවක්, 2.6GHz quad-core Snapdragon 805 ප්‍රොසෙසරයක් හා 3GB Ram මතකයක්ද මෙහි ඇතුලත්. ඒ වගේම Android L මෙහෙයුම් පද්ධතිය ඇතුලත්ව මේ දුරකථනය නිකුත් වනු ඇති බවත් පැවසෙනවා.

කෙසේ නමුත් තවත් මතයකින් හෙලි වන්නේ මෙය Verizon වෙතින් නිකුත් කෙරෙන Moto X හිම විශාල සංස්කරණයක් බවයි. කෙසේ වුවත් සාමාන්‍යෙයන් Google විසින් නිකුත් කරන Nexus දුරකථන මෙතෙක් එක් Service Provider කෙනෙක්ට පමණක් සීමා කෙරුනේ නැහැ. ඒ නිසා මේ අත්භූත ජංගම දුරකථනය Moto X සංස්කරණයක්ද එසේත් නැත්නම් Motorola Nexus 6 ද යන්න පිළිබඳව තීරණය ඔබටම භාරයි. කෙසේ වුනත් මේ පිළිබඳ තොරතුරු ලද වහාම ඔබව දැනුවත් කිරිමට අප සූදානම්.

SEE ALSO: Google LG Nexus 5 ගැන සිංහලෙන්