ලෝකයේම අවධානය යොමු වූ නූතන මමීකරණය

0

ඊජිප්තුවෙන් හමු වූන මමී (mummy) නිසා කලක් ලෝකයේම අවධානය ඒ දෙසට යොමු වෙලා තිබුනා. අතීතයේදී ඊජිප්තු වැසියන් තමන්ගේ ඥාතින් මියගිය පසුව දේහය සුරක්‍ෂිතව කල් තියා ගන්න ක්‍රමයක් විදියට මමිකරණය (mummification) යොදාගත්තා. මෑත කාලයේදී විද්‍යාඥයන් කණ්ඩායමක්, මිනිස් මළ සිරුරකින් ලබාගත් පටක වලට මමිකරණය කර අත්හදා තිබෙනවා. මෙම පරීක්ෂණය අතීතයේ ඊජිප්තුවේ භාවිත කල ක්‍රම අනුවයි කර තිබෙන්නේ. මෙම පරීක්ෂණයට, පරීක්ෂණය සදහාම ලබා දුන්නු මනුෂ්‍ය ශරීරයක කොටසක් යොදාගෙන තිබෙනවා. පරීක්ෂකයන්, එම පටක ලුණු ද්‍රාවණයකට දමා ඒවා සංරක්ෂණය වීමේ ප්‍රගතිය මැන තිබෙනවා.
බොහෝ විද්‍යාඥයන්ට විශ්වාස කරනේ මෙම මමී සැදීමේ තාක්ෂණය ක්‍රි.පු. 5 වන සියවසේදී ග්‍රීසියේ බිහි වුන ඇති බවයි. විද්‍යාඥයන්ට අනුව මුල්ම embalmers මළ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉවත් කර පපු ප්‍රදේශය හා උදර කුහරය ජීවානුහරණය කර තිබෙනවා. ඊට පසුව ලුණුමය ද්‍රාවණයක්,සෝඩියම් බයිකාබනේට් (sodium bicarbanate ) සහ soda ash මිශ්‍ර ද්‍රවණයක් තුල ගිල්වා මළ සිරුර කුණු වීමෙන් ආරක්ෂා කරගෙන තිබෙනවා. ඉන්පසු එම ශරීරය හන වලින් සැදු රෙදි පටි වලින් තද කර ඔතා සොහොන්වල තැන්පත් කර තිබෙනවා.
කිහිප විටකදීම මෙම ක්‍රම යොදගෙන සතුන් හා මිනිස් අවයව මමීකරණය කර ඇත. එසේම සම්පුර්ණ මළ සිරුරකින්මද මෙය අත්හදා බලා තිබෙනවා. නමුත් මෙම ක්‍රියාවලිය විද්‍යාත්මකව අධ්‍යනය කරලා නැ. අතීතයේදී ඊජිප්තුවේ භාවිත කල ලුණුමය ද්‍රාවනය මගින් කල් තබා ගැනීමේ ක්‍රමය යොදාගෙන කණ්ඩායමක් ස්ත්‍රී මළ සිරුරක මමිකරණය (mummify) සිදු කර තිබෙනවා. සංසන්දනය කිරීමේ අදහසින් වියළි තාපය(dry heat) යොදාගෙන කල පරීක්ෂණය අසාර්ථක වී තිබෙනවා.

dnews-files-2015-05-leg-mummy-670-jpg

මෙලෙස කල පරීක්ෂණ වලින් බොහොමයක් සාර්ථක වී තිබුනත් නමුත් ඒවාට මස 7ක් පමණ ගත වී තිබෙනවා (දින 208). නමුත් Herodotus වල සඳහන් වන ආකාරයට ඊජිප්තු ක්‍රමය සදහා ගතවී තිබෙන්නේ මාස 2කකට වඩා අඩු කාලයක්.
පරීක්ෂණයට යොදාගත් ලුණුමය ද්‍රාවනය, පාදයේ පටක වල ඇති ජලය ඉවත් කර ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සිදුවන හානි වලින් ආරක්ෂා කරයි. අන්වීක්ෂ වලින් කල නිරීක්ෂණ වලින්ද ඔප්පු වී තිබෙනවා මෙම ක්‍රමයෙන් සම හා මාංශ පේශි පටක හොදින් ආරක්ෂාවන බව. මෙම පරීක්ෂණ වලින් ලබනු ප්‍රතිඵල වලින් ඊජිප්තු embalm ක්‍රමයේ ඵලදායි භව හොදින් පෙන්නනවා. ඒ වගේම එම ක්‍රමයෙදී සිදුවන ක්‍රියාවලිය හොදින් පෙන්නනවා. මෙය අධ්‍යනයට අනුව පරිසර උෂ්ණත්වය, අම්ලිකතව, ආර්ද්‍රතාව mummification ක්‍රියාවලියේදී තීරණාත්මක සාධක වෙයි.

අන්තර්ජාලය ඇසුරෙනි