අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය ලංකාවේ යාපනයට ගොඩබැහැලා ද?

0
844

පසුගිය මාර්තු 8 වනදා ඉහල අහසේදී අතුරුදන් වූ මැලේසියානු MH370 ජෙට් ලයින්ර් යානය ලංකාවේ යාපනය ගුවන් තොටුපලට ගොඩබාන්නට ඇතැයි ජාත්‍යන්තර වෙබ් අඩවියක් වූ Business Insider වෙබ් අඩවියේ සඳහන් වේ. එම වෙබ් අඩවියට අනුව මඟීන් සහ කාර්යමණ්ඩලය 239 දෙනෙකු ගමන් ගත් එම යැනය දේශපාලනික වශයෙන් අස්ථාවර වූ උතුරු ප්‍රදේශයේ, කුඩා නිතර භාවිත නොවන යාපනය ගුවන් තොටු පළට ගොඩබසින්නට ඇතැයි ද, එම ක්‍රියාව දමිළ කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් විය හැකිබවද පැවසේ.

w640යාපනය ගුවන් තොටුපල Google Map වලින් පෙනෙන අයුරු

w640 (1)නමුත් මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවී යාන්ත්‍රික දෝෂයක් නිසා විය හැක්කක් යන මතයද, ගුවන් යානය ගොඩබානු වෙනුවට යාන්ත්‍රික දෝෂයක් නිසා කඩා වැටෙන්නට ඇති යන මතයද බැහැර කළ නොහැකි බවද දැක්වේ. එමෙන්ම යානය පිළිබඳව සෙවීමේ කටයුතු සඳහා මේ වන විට ඉන්දීය රජයද සහයෝගය දී ඇති අතර මේ වන තෙක් යානයේ සුන් බුන් හෝ කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

SEE ALSO: Dialog k35 – මිලෙන් අඩුම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය – Rs 9900/-

UPDATE: නවතම පර්යේෂණ වාර්තා වලට අනුව MH370 ගුවන් යානය කිසියම් මනා පළ පුරුද්දක් ඇති පිරිසක් විසින් පැහැරගෙන ඇති බව මැලේසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් පැහැරගන්නා ලද ගුවන් යානය සඟවා සිටින ස්ථාන පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද පැවසෙනවා.

2014.03.15 ප.ව: 1.30 – මේ වන විට යානය සෙවීමේ කටයුතු සඳහා රටවල් 14ක නාවුක යාත්‍ර 43ක් ද ගුවන් යානා 58ක් යොදා තිබෙනවා. අවසන් වරට රේඩාර් පණිවුඩයක් නිකුත් වූ මලක්කා හි සිට පැය 5ක පමණ ගුවන් කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් ඉන්ධන යානය සතුව තිබී ඇති නිසා ඒ ඉන්ධන ප්‍රමාණය මත පදනම් ව සෙවීමේ කටයුතු කරගෙන යනු ඇති.

article-2580815-1C4B6F4B00000578-645_634x445
යානය සතුව තිබූ ඉන්ධන ප්‍රමාණය අනුව යානය පවතිය හැකි ප්‍රදේශය
article-2580815-1C49899B00000578-763_634x581
අවසන් වරට රේඩාර් නිකුත් වූ තැන සිට යානයේ ගමන් මඟ
article-2581488-1C4EA2BD00000578-741_634x387
යානයේ මඟීන් වෙනුවෙන් ලියැවුනු බලාපොරොත්තුවේ වදන්