MH370 සෝදිසි මෙහෙයුමෙන් මුහුදු පතුලේ රහස් හෙළිවේ !

, , Leave a comment

මුළු ලොවම කම්පා කරමින් අතුරුදන් වූ MH370 ගුවන් යානය පිළිබඳ සෝදිසි මෙහෙයුම් වලදී මේ වනතෙක් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුනත් සාගර පතුලේ තොරතුරු බොහෝමයක් මේ හරහා හෙළිවෙමින් පවතිනවා. මේ සෝදිසි මෙහෙයුම් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ඕස්ට්‍රේලියානු නාවික හා ගුවන් හමුදා ප්‍රථම වරට මෙතෙක් අවධානයට ලක්නොවූ සාගර පතුලක් පිළිබඳ තොරතුරු හෙළිවෙලා. මීට අමතරව මීටර් 1500ක් පමණ ගැඹූරු මුහුදේ ඇති සක්‍රීය ගිනිකඳු පවා මේ සෝදිසි මෙහෙයුම් වලදී හෙළිව ඇත.

සෝනාර් තරංඟ යොදාගනිමින් කරන ලද මේ පර්යේෂණ යානය සෙවීමේ සෝදිසි මෙහෙයම් සඳහා වැදගත් වන බවත්, මේ තොරතුරු මත පදනම්ව ඉදිරි මෙහෙයම් සිදුකරන බවත් ඕස්ට්‍රේලියානු රජය පවසා සිටියා.

පසුගිය මාර්තු මස 08 වනදින මැලේසියාවේ අගනගරය වන ක්වාලාලාම්පූර් හි සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වුනා. මඟීන් හා කාර්ය මණ්ඩලය 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මෙම යානය සෙවීමට රටවල් 25කට අධික ප්‍රමාණයක් සියදායකත්වය සැපයූවත් මේ වන තෙක් විශ්වාසකටයුතු හෝඩුවාවක් ලැබී නැහැ. එසේ නමුත් මීට ප්‍රථම විවිධ අවස්ථා වලදී යානයේ සුන්බුන් පිළිබඳ තොරතුරු වාර්ථා වුනා.

1411750262336_wps_38_Boeing_777_Malaysian_Airl
යානය අතුරුදන් වීමට දින කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයක්
1411751500884_wps_50_Three_dimensional_models_
මුහුදු පතුලේ ඇති කඳු හා විවිධ භූ විශමතා ලක්ෂණ
1411751498896_wps_49_Three_dimensional_models_
සෝනර් දත්ත මත නිර්මාණය කෙරෙුණු ත්‍රිමාණ සිතියම්
1411751496826_wps_48_Three_dimensional_models_
සෝනර් දත්ත මත නිර්මාණය කෙරෙුණු ත්‍රිමාණ සිතියම්
1411751494017_wps_47_Three_dimensional_models_
සෝනර් දත්ත මත නිර්මාණය කෙරෙුණු ත්‍රිමාණ සිතියම්
5774142-3x2-700x467
සෝදිසි මෙහෙයුම් සිදුකල හා සිදුකිරීමට නියමිත ප්‍රදේශ

 

 

Leave a Reply