BMW සහ Audi සමඟ තරගයට එන නවතම Benz මෝටර් රථය

මේ වනවිට ලාස් වේගාස් හිදී පැවැත්වෙන CES ප්‍රදර්ශනයේ දී Mercedes-Benz සමාගම විසින් ඔවුන්ගේ නවතම මෝටර් රථය හඳුන්වාදෙනු ලැබුවා. “Mercedes-Benz CLA coupe” ලෙස හඳුන්වන මෙය නවතම තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කර තිබෙනවා. මෙම මෝටර් රථය අශ්ව බල 221 ප්‍රමාණයේ එන්ජිමකින් සමන්විත බව සඳහන් වෙනවා. ඉතාමත් සිත්ගන්නාසුළු පෙනුමකින් සමන්විත මෙම මෝටර් රථය මේ වන විට කාගේත් අවදානය දිනාගෙන තිබෙනවා.

මේ මෝටර් රථය තාක්ෂණය, පෙනුම ආදී කරුණු අතින් BMW 2 මොටර් රථ පෙළට සහ Audi A3 මෝටර් රථ පෙළට වඩා ඉදිරියෙන් සිටින බව සඳහන් වෙනවා. මෙම මෝටර් රථය Mercedes-Benz A මෝටර් රථ පෙළේ ඇතුලත පෙනුමට බෙහෙවින් සමාන වෙනවා. මෙම මෝටර් රථයේ ද සුපුරුදු Mercedes-Benz රථ වලට ආවේනික ඉදිරිපස බෑවුමින් යුතු වෙනවා. මෙම මෝටර් රථයේ පිටත මෙන්ම ඇතුළත සඳහා ද තැඹිලි වර්ණය සහ කළු වර්ණය යොදාගෙන තිබීම හේතුවෙන් මෙම මෝටර් රථයේ ඇති වටිනාකම තවත් වැඩි වී පෙනෙනවා. තවද මෙම මෝටර් රථය Ai තාක්ෂණයෙන් යුතු වෙනවා, එම නිසා රියදුරුගේ අවශ්‍යතා සහ ඉරියව් හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. එමගින් රියදුරුට වඩාත් ආරක්ෂාකාරී සහ පහසුවක් සැලසීමට මෙම මෝටර් රථයට හැකියාව තිබෙනවා.

මේ වසර අවසාන භාගයේදී වෙළඳපොළට නිකුත් කරන බව සඳහන් වෙන මෙම මෝටර් රථය ලෝකය පුරා ඉතාමත් ඉක්මනින් අළෙවි වේ යැයි අනුමාන කළ හැකිය.

Image Copyright: Mercedes-Benz
Image Copyright: Mercedes-Benz
Image Copyright: Mercedes-Benz
Image Copyright: Mercedes-Benz
Image Copyright: Mercedes-Benz