ෆේස්බුක් නිර්මාතෘට පිස්සු හැදිලා – වීඩියෝ සහිතයි!

, , Leave a comment

විශාල වශයෙන් චීනය තුල ප්‍රසිද්ධ messaging app එකක් වන WeChat විසින් නිකුත් කරන ලද වෙළඳ දැන්වීමකුයි ඉහතින් දැක්වෙන්නේ. එහි ෆේස්බුක් (Facebook) නිර්මාතෘ වන මාර්ක් සකර්බර්ග්, සිය මානසික ‍වෛද්‍යවරයා හමුවීමට ගොස් සිටන අවස්ථාවක් නිරූපනය කෙරේ.

දැන්වීමේ දැක්වෙන පරිදි මාර්ක් ඔහුගේ වෛද්‍යවරයාට සිය යහළුයන් විසින් තමාව facebook වෙතින් unfriend කරන බව කියා මැසිවිලි නඟයි. ඒ අසා ඔහුගේ වෛද්‍යවරයා WeChat හි ඇති අසල සිටින මිතුරන් සොයන ‘Friend Radar’ පහසුකම භාවිතකරන හැටියට උපදෙස් දෙයි.  

දැනට WeChat හි සක්‍රීය සාමාජිකයින් මාසිකව මිලියන 355ක් පමණ සිටන නමුත් ඉන් බහුතරයක් චීන ජාතිකයින්. එසේ වුවත් දැන් දැන් ක්‍රම ක්‍රමයෙන් ඉන්දියාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, මෙක්සිකෝව හා දකුණු අප්‍රිකාව වැනි රටවල තරුණ තරුණියන් අතර WeChat ප්‍රචලිත වෙමින් පවතී. කෙසේ නමුත් මාසිකව සක්‍රීය සාමාජිකයින් බිලියන 1.27 පමණ සිටින ෆේස්බුක් බොහෝ ඉදිරියෙන් සිටින අතර සක්‍රීය සාමාජිකයිනි මිලියන 500ක් පමණ සිටින WhatsApp ද දැන් ෆේස්බුක් සතුයි.

wechat-features2-geekheck-tk

 

Leave a Reply