විවාහ මංගල්‍යක් ගන්න ලේසිම විදිහ මෙන්න

0
2268

විවාහය කියන්නේ සෑම නව යුවළක්ම ගොඩක් හීන දකින දෙයක්. විශේෂයෙන්ම තරුණියන් මේ පිළිබඳව දක්වන්නේ ඉතාමත් දැඩි උනන්දුවක්. එත් විවාහය කියනකොටම විශාල බරක් හිතට දැනෙනවා, එකට හේතුව තමන්ගේ මංගල දිනයට අදාළ සියලුම දේවල් නිසියාකාරව සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඉතින් මේ ගැටලුවට ලංකාවේ අපේ තරුණ පිරිසක් ඉතාමත් හොඳ විසඳුමක් නිර්මාණය තිබෙනවා. එය Modern Magul.lk (Pvt) Ltd ආයතනයේ නිෂ්පාදනයක් ලෙස “magul.lk” නමින් ඉතාමත් ඉක්මනින් ඔබ වෙතට පැමිණීමට නියමිතයි.

මොකද්ද මේ “magul.lk” කියන්නේ

මේ නම දැක්ක ගමන්ම ඉතාමත් හුරු පුරුදු ගතියක් දැනෙනවා. ඇත්තටම “magul” යන නම මංගල ක්ෂේස්ත්‍රය යන අදහස පිළිබිඹු කරන අතර “.lk ” යන්න ඩිජිටල් කරණය වීමයි. ඒ අනුව “magul.lk” කියන්නේ මංගල ක්ෂේස්ත්‍රයට අදාල සියල්ලම ඩිජිටල්කරණය වීමයි. ඇත්තටම මේ “magul.lk” වෙබ් අඩවියකින් සහ Mobile App එකකින් සමන්විතයි. මේ “magul.lk” සංකල්පයට අනුව ඕනෑම යුවළකට තමන්ගේ මංගල්‍යට අදාල සියළුම සේවාවන් Mobile App හරහා හෝ වෙබ් අඩවිය හරහා ඉතාමත් පහසුවෙන් සිදුකර ගැනීමට පුළුවන්. ඒ කියන්නේ විවාහ මංගල උත්සවය සදහා අවශ්‍ය වන සැපයුම් කරුවන්ගේ සේවාවන් පිළිබඳ තොරතුරු සොයා බැලිය හැකි අතර ඒ අතරින් තමන්ට අවශ්‍ය සේවාව තෝරා ගැනීමට අවස්ථාව සලසා ගන්න පුළුවන්. 

උදාහරණයක් විදිහට කියනවා නම්, මෙම Mobile App එක හෝ වෙබ් අඩවිය භාවිත කිරීමෙන් මනාලයාට සහ මනාලියට තම අවශ්‍යතාවට සහ වියදම් කළ හැකි ප්‍රමාණයට ගැලපෙන ආකාරයට ඡායාරූප ශිල්පීන්,උත්සව ශාලා, රූපලාවන්‍යාගාර, ඇඳුම් පැළඳුම් සහ කේක් ආදී සේවා සියල්ල ඉතාමත් පහසුවෙන් කර ගැනීමේ හැකියාව පවතියි.

කොහොමද මේ “magul.lk” වැඩකරන්නේ

මෙම සේවාව මංගල කටුතු සඳහාම නිර්මාණය කර ඇති ” Virtual Market ” එකක්. ඒ කියන්නේ සේවාවන් සපයන පාර්ශවයන් සහ සේවාවන් ලබාගන්නා පාර්ශවයන් එකට එකතුකරන වෙළඳපොළක්. මෙහිදී කුමන හෝ මංගල සේවාවන් සපයන පාර්ශවයක් වේ නම්, ඔවුන් හට “magul.lk” හි Store එකක් නිර්මාණය කරගැනීමට පුළුවන්. එම Store හරහා ඔවුන්ගේ සේවාවන් “magul.lk” හරහා තමන් වෙත පැමිණෙන භාරිභෝගිකයන් වෙත අලෙවිකිරීමට හැකියාව පවතිනවා.

මෙම “magul.lk” සංකල්පය සතුව තව බොහෝ දේ අඩංගු වෙනවා. විශේෂයෙන්ම කාර්යබහුල ජීවනරටාවක් ගෙනයන වෛද්‍යවරුන් හට තම විවාහ මංගල උත්සවය කිසිඳු කරදරයකින් තොරව නිදහසේ සිදුකරගැනීමටත් “magul.lk” සංකල්පය හරහා ඉඩකඩ ලබාදීමට කටයුතු කර තිබෙනවා.  

ඉතින් නවමු සංකල්පයකට අනුව නිර්මාණය වී තිබෙන “magul.lk” ඉතාමත් ඉක්මනින් ඔබවෙත පැමිණීමට නියමිතයි. මේ පිළිබඳව තවත් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ඔබවෙත ගෙන ඒමට අපි සුදානම්. මේ පිළිබඳව ඔබේ අදහස් අපිට කියන්න.