ලංකාවේ අන්තර්ජාල ක්ෂේත්‍රයේ ඉදිරියේදී විප්ලවීය වෙනසක්

0
927

මුළු දිවයිනම ආවරණය වන පරිදි වයි ෆයි අන්තර් ජාල සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කටයුතු ආරම්භ කර තිබේ. මේ වන විටත් එවැනි වයි ෆයි කලාප දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ඇති කර තිබෙන අතර වසර තුනක් හෝ හතරක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට නියමිතයි. ‘Carrier-Grade’ කාණ්ඩයට අයත් මෙවැනි වයි ෆයි ජාලයක් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කරන්නේ ප්‍රථම වතාවට බවයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වයි ෆයි ව්‍යාපෘතිය භාර ප්‍රධාන නිලධාරී මහින්ද බී හේරත් බීබීසීයට කියා සිටියේ.

150625175402_mahinda_herath_telecom_512x288_mahindabherath

‘තමන්ගේ ගෙදරට තියෙන බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයට රෞටර් එකක් හරහා එතන කුඩා වයි ෆයි කලාපයක් ඇති කර ගන්න පුළුවන්. ඒකට කියන්නේ රීටේල් (Retail) වයි ෆයි කියලා. කැරියර් ග්‍රේඩ් කියන්නේ වයි ෆයි ජාලයක්. මධ්‍යම පාලක මැදිරියේ ඉඳලා මේ හොට් ස්පොට්ස් සියල්ලම පාලනය කරන්න පුළුවන්.’ ඔහු පැහැදිලි කළේය.

හොට් ස්පොට්ස්

මෙම කලාප වලට පැමිණෙන අයට වවුචරයක් මිල දී ගෙන අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි අතර තම නිවසෙන් බැහැරව සිටියදී පවා සිය නිවසේ ග්‍රාහකය හරහා අන්තර් ජාලයට යාමට මෙම කලාප තුලදී අනුගත විය හැකි වනු ඇත.
මීට අමතරව මෙම කලාප හරහා වෙළඳ ආයතනවලට වයි ෆයි පහසුකම් ලබා ගෙන ඒවා ඔවුන්ගේ වෙළඳ නාමය යටතේ පාරිභෝගිකයන්ට ලබා දිය හැකි බව ව්‍යාපෘතිය භාර ප්‍රධාන නිලධාරී මහින්ද බී හේරත් පැවසීය.
යම් රටක අන්තර් ජාල පහසුකම් සියයට දහයකින් වර්ධනය වන විට එම රටේ දල ජාතික නිෂ්පාදනය සියයට එකයි දශම නමයකින් ඉහල යන බව සමීක්ෂණවලින් හෙළි වී ඇති නිසා මෙය ලංකාවේ ආර්ථික වර්ධනයට යහපත් පියවරක් වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
ලෝකයේ අඩුම මුදලකට අන්තර්ජාල සේවාව ලබා ගත හැකි රට ශ්‍රී ලංකාව බවයි ඔහු පවසන්නේ.

උපුටා ගැනීම