Image Copyright: www.economist.com

මේ අමුතුම කතාව අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මධ්‍යම අප්‍රිකානු රටක්වන Angola රාජ්‍යයේ අගනගරය මුලික කරගෙන. Luanda ලෙසින් හඳුන්වනු ලබන Angola රාජ්‍යයේ අගනගරය ඉතාමත් දියුණු වරාය නගරයක් වෙනවා. මිලියන 2.5 කට ආසන්න ජනතාවක් මෙහි ජිවත් වෙනවා. අත්ලාන්තික් සාගරයට මායිම්ව පිහිටා ඇති මෙම නගරය බොහොම කාර්යබහුල නගරයක්. අපි කතාකරන්න යන App එක සඳහා මේ කාර්යබහුල බව විශේෂ හේතුවක් වෙනවා.

මෙම නගරය ඉතාමත් දියුණු වීමත් සහ අගනගරය වීමත් නිසාවෙන් දැඩි රථවාහන තදබදයක් පවතිනවා. මේ හේතුව මගහැරිය හැකි තාක්ෂණික සොයාගැනීම් මෙහි වෙසෙන ජනයා අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වී තිබෙනවා.
TUPUCA” කියන්නේ මෙහි ඇති ජනප්‍රියතම ඔන්ලයින් සේවා සපයන ඇප් එකක්. මෙම ඇප් එක මගින් පාරිභෝගිකයන් විසින් ඉල්ලුම් කරන අහාර සහ අනෙකුත් භාණ්ඩ ඔවුන් විසින්ම සඳහන් කරනු ලබන අලෙවිසැල් වලින් මිලදීගෙන පාරිභෝගිකයන් හට ගෙනගොස් ලබාදෙනවා.

Image Copyright: Google Play

මෙම සේවා සැපයීම සඳහා 170 පමණ අධික රියදුරන් ප්‍රමාණයක් සේවයේ යෙදී සිටිනවා. ඔවුන් විසින් මසකට බදහැරීම් 17000 කට ආසන්න ප්‍රමාණයක් සිදුකරනවා.මේම ආයතනය භාණ්ඩ අළෙවි කරන වෙළෙන්දන්ගෙන් ඉතා උසස් භාණ්ඩ මිළදී ගන්නා බව සඳහන් වනවා. TUPUCA සමාගම විසින් පසුගිය ඔක්තෝම්බර් මස සිට විශේෂයෙන් පණ සහිත සතුන් මිළදී ගැනීම සහ බෙදාහැරීමේ සේවාවක් පාරිභෝගිකයන් සඳහා ලබා දී තිබෙනවා.

විශේෂයෙන් මෙම සේවාව හරහා ඌරන් , කුකුළන් සහ එළුවන් මිලදීගැනීම සඳහා වැඩි නැඹුරුවක් තිබෙනවා. TUPUCA සමාගම පවසන ආකාරයට මින් පෙර සාම්ප්‍රදායික වෙළදාම තුල පැවති අපහසුතා සහ ගැටළු මෙම සේවාව මගින් නැති වී තිබෙන බවත්, සම්ප්‍රදායික වෙළෙන්දන්හට වෘත්තිමය පිළිගැනීමක් ලැබී ඇති බව සඳහන් කර සිටි. ලෝකයේ වාණිජ කරණයත් සමගින් අලුත් අලුත් සේවාවන් මතු වෙමින් පවතින බව අපිට මේ හරහා දැකගන්න පුළුවන්.

ලංකාවටත් මේවගේ ඇප් එකක් කොපමණ දුරකට සුදුසු වෙයිද, ඔයා හිතන දේ අනිත් අයටත් දැනගන්න පහතින් කමෙන්ට් කරන්න.

Image Copyright: Angop

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here