අල්ලන්නෙවත් නැතුව Use කරන්න පුළුවන් LG G8 ThinQ මෙන්න

0
8

“LG” නම කිව්වම නොදන්න කෙනෙක් නැති තරම් එයට හේතුව ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනය සඳහාම LG සමාගම දිනාගෙන ඇති ජනප්‍රියත්වයයි. මෙම ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කරමින් LG සමාගම මේ වනවිට ජංගම දුරකථන නිෂ්පාදනයේ නව පිටුවක් පෙරළීමට සමත්වී තිබෙනවා. එනම් Motion Sensors භාවිතයෙන් ක්‍රියා කරවන්න පුළුවන් දුරකථනයක් ලොවට හඳුන්වාදීමෙන්.

“LG G8 ThinQ” ලෙස නම්කර තිබෙන මෙම දුරකථනය අනෙකුත් දුරකථන වලට සාපේක්ෂව වෙනස් වන ප්‍රධාන කරුණ වන්නේ මෙම දුරකථනය Touch කිරීමකින් තොරව වුවද ක්‍රියාත්මක කිරීමට හැකිවීමයි. එයට හේතුව “Advanced palm vein authentication” තාක්ෂණය මෙම දුරකථනයට එක්කර තිබීමයි. මේ තාක්ෂණය අපගේ අත්ල (අතේ මතුපිට) ක්‍රියාකරන රටාවන් හඳුනාගන්නා අතර එම රටාවන්ට අනුව දුරකථනය හසුරුවන්න පුළුවන්.

උදා:- Screen Unlock කරන්න, Volume Control කරන්න සහ Photo Capture කරන්න පුළුවන් වැනි දේ.

Image Copyright: Cnet

මෙම නවතම තාක්ෂණය හේතුවෙන් දුරකථනය Touch කරන්නේ නැතුව භාවිතා කරන්න පුළුවන් වීම ඉතාමත් ප්‍රොයෝජනවත් දෙයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මන්දයත් බොහෝ දෙනෙකුට එදිනෙදා කටයුතු කිරීමේදී දුරකථනය Touch කිරීමකින් තොරව ක්‍රියාත්මක කරන්න පුළුවන් වූවානම් සිතෙන ඕනෑතරම් අවස්ථා වලට මුහුණදීමට පුළුවන්.

උදා:- Drive කරන අවස්ථාවල සහ ගෙදර ඉහුම් පිහුම් කරන අවස්ථා

දුරකථන සඳහා හඳුන්වාදෙනු ලබන මෙවැනි තාක්ෂණයන් මඟින් දුරකථන භාවිතයේදී ඇතිවන කුඩා කුඩා අපහසුතා මගහරවා ගැනීමට පුළුවන්වීම ගුණාත්මක දෙයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ නමුත් මෙම “Advanced palm vein authentication”තාක්ෂණය මඟින් දුරකථනයේ ඇති සියළුම දේ ක්‍රියාත්මක කරන්න දැනට හැකියාවක් නැති අතර ඉදිරියේදී මෙම ක්‍රමය වැඩිදියුණු වේයැයි සිතිය හැකිය.

Image Copyright: Android Headlines

මේ වගේ අළුත් තොරතුරු දැනගන්න අපිත් සමඟින් එකතු වන්න. මේ ගැන අනිත් අයටත් දැනගන්න Share කරන්න.