දැන් 4K පරණයි ! අලුත්ම 8K රූපවාහිනිය මෙන්න..!

, , Leave a comment

ඔබ 4K TV එකක් ගන්න සල්ලි එකතු කරනවද? එහෙනම් මේ පුවත තරමක් අසතුටුදායක පුවතක් වේවි. මොකද ඔන්න දැන් 4K TV එකකටත් වඩා තාක්ෂණයෙන් දියුණු 8K TV එකක් වෙළඳපලට නිකුත් වෙලා.

අඟල් 98ක අති විශාල තිරයක් සහිත මේ LCD රූපවාහිනිය නිකුත් කෙරුනේ මේ දිනවල පැවැත්වෙන IFA තාක්ෂණ සමුළුවේදීයි. LG සමාගම පවසන්නේ මේ නව රූපවාහිනිය HD රූපවාහිනියකටත් වඩා 16 ගුණයක විභේධන බලයකින් (Resolution) යුතු බවයි.

RELATED: මොකක්ද මේ 4K කියන්නේ? – What Is 4K?

කිසි සැකයක් නැහැ, මේ රූපවාහිනියේ පින්තූර අතිශය පැහැදිලියි. ඒත් පසුගිය වසරේ නිකුත් වුනු 4K TV සමඟ සසඳන විට ඒ තරම් පැහැදිලි බවක් අපේ ඇස් වලට සංවේදී වේවි දැයි සිතන්නට අපහසුයි. ඒ කියන්නේ specs වලින් මේ 8K රූපවාහිනිය හොඳ රූපවාහිනියක් වුනත් ප්‍රාෙයා්ගිකව නිවසක භාවිත කරන විට මේ තරම් විශාල, පැහැදිලි තිරයක අවශ්‍යතාවයක් නම් තව අවුරුදු ගණනාවකට අවශ්‍ය නොවේවි. මොකද මේ රූපවාහිනියෙන් අති පැහැදිලි දසුන් දැකගන්නට නම් අපි නරඹන දර්ශණ 8K කැමරාවකින් රූගත කරන ලද දර්ශණ විය යුතුයි.

පික්සල් 7,680 x 4,320 ප්‍රමාණයේ (මිලියන 33ක්) තිරයක් වන මේ රූපවාහිනියේ මිල හෝ වෙළඳපලට නිකුත් වන දිනය පිළිබඳවනම් මේ වනතෙක් කිසිදු සඳහනක් නැහැ. 4K හා HD කියන්නේ මොකක්ද? එහි තාක්ෂණික තොරතුරු පිළිබඳව වැඩිතොරතුරු දැනගන්නට පිවිසෙන්න අපි මීට පෙර පළකල ලිපිය වෙත.

RELATED: මොකක්ද මේ 4K කියන්නේ? – What Is 4K?

9ktv2

මේ වගේම තවත් අපූරූ නිර්මාණ කිහිපයක් Samsung සමාගම විසින් පසුගිය දා IFA හීදී එළිදැක්වූවා. ඒ පිළිබඳ තොරතුරු පහතින්.

Samsung Galaxy Note 4, Galaxy Note Edge, Gear S හා Gear VR නිකුත් වෙයි

Download Now
TechGuru.lk Android App
 

Leave a Reply