Laptop බැටරියේ ආයුකාලය වැඩි කරගන්න නම්!

01. Screen එකේ Brightness අවම කරන්න ආලෝකය ඇති තැනක සිට laptop බවිත කරන විට Screen එකේ දීප්තිමත් බව (Brightness) 10% ලෙසට සකසන්න. audio පමණක් අසන අවස්ථාවක්නම් Display එක off කරන්න. මේ සදහා ඔබට power saver අවස්ථාවද යෙදිය හැක.

670px-Extend-Laptop-Battery-Life-Step-3

02. ඔබට අනවශ්‍ය ඉබේ ක්‍රියා කරන වැඩසටහන් නවත්වන්න. software තුල ඔබේ windows ආරම්භ වෙනවාත් සමඟම ආරම්භ වෙන වැඩසටහන් තිබීමට පුළුවන්.ඒ සියල්ලක්ම ඔබට අවශ්‍ය විටක පමණක් විවෘත කර ගැනීමට හැකි වන ලෙස සකසන්න. අනවශ්‍ය වැඩසටහන් මගින් Laptop processor එකේ වේගය සහ RAM ධාරිතාවයද වැඩි වී බැටරියේ වැඩි charge ප්‍රමාණයක් වැය විය හැකියි.

03. අන්තර්ජාලය භාවිතා නොකරන විට internet connection එක විසන්දි කර තබන්න බොහෝවිට Wireless අන්තර්ජාල සම්බන්ධතා බවිතයේදී අනවශ්‍ය charge ප්‍රමාණයක් battery යෙන් වැය වේ. Wi-Fi නිසා වැඩි බලයකින් නිතරම connection එක search වීම මෙයට හේතුවයි.

670px-Extend-Laptop-Battery-Life-Step-1

04. CD/DVD Drivers සහ USB Ports නවතා දමන්න විශේෂයෙන් Touch pad භාවිතයේදී වෙනත් mouse එනම් wireless mouse භාවිත නොකරනවානම් වඩා හොදයි. එමගින් උපකරණයේ ආරෝපණය අඩු වීමට පුළුවන්. එමෙන්ම පරිගණකය සාමාන්‍ය එක පුද්ගල පරිහරණය සඳහා යොදාගනී නම් එක CD/DVD Drive එකක‍ට වඩා භාවිත නොකරන්න. වැඩිපුර ඇති ports හා drivers, disable කිරීමද යෝග්‍ය වේ.

670px-Extend-Laptop-Battery-Life-Step-9

05. Power Plans සකසා ගන්න Windows හි Control Panel තුල Power Saving Plans වෙත ගොස් battery යේ ආයුකාලය වැඩි කරගැනීමට ඔබට Plans සකසා ගත හැකියි. තවද Advanced Power Setting තුලින් පරිගණකයේ විවිද කාර්යන් කිරීම සදහා උපරිම වේලාවන් යොදා Power Plans සකසා ගැනීමටද හැකියාව තිබෙනවා.

06. Battery Optamizer Software භාවිතය. Battery Optamizer මගින් ඔබ බලාපොරොත්තු වන කාර්යක්ෂමතාවයට බැටරියේ ආයු කාලය සහ පැවැත්ම සකසා බැටරිය හොඳට පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා.

3 Comments

mata kiyanawada, api power gahagenama wada karana eken battery eke ayukale aduwenwada? ekiyanne battry eka use nokarama innawannam… ?

නැහැ. විදුලියට සම්බන්ධකර භාවිතකිරීම හෝ බැටරියෙන්ම භාවිත කිරීමෙන් බැටරියේ ආයුකාලයට බලපෑමක් නැහැ. බැටරියේ ආයුකාලය සඳහා බලපාන්නේ බැටරියේ උෂ්ණත්වයයි. හැකි සෑම විටම බැටරියේ උෂ්ණත්වය අඩුවන ලෙස භාවිත කිරීම යෝග්‍යයි.

Comments closed