ඉන්දියාවේ විධායක නිළධාරීන් අතරින් මුල් තැන ලාංකිකයෙකුට

ලාංකික සම්භවයක් ඇති Rajan Anandan (රාජන් ආනන්දන්) ඉන්දියාවේ අංක එකේ බහු ජාතික සමාගම් විධායක නිළධාරියා ලෙස තේරි පත්ව තිබෙනවා. ඔහු ඉන්දීය Google සමාගමේ ප්‍රධානියාද වනවා.

ගිනස් වාර්තා කිහිපයකටම හිමිකම් කියන පිහිණුම් ශූරයෙක් වන කුමාර් ආනන්දන්ගේ හා මානෙල් ආනන්දන්ගේ පුත් වන රාජන් ආනන්දන් මීට පෙර McKinsey, Microsoft හා Dell වැනි සමාගම් රැසක සේවය කර තිබෙනවා. ඒ වගේම Blue Ocean Ventures සමාගමේ හවුල්කරුවෙකුද වනවා.

ඉන්දියාවේ Economic Times විසින් කරන ලද මේ ශ්‍රේණිගත කිරීමේ දී ඉන්දියාවේ ඉහළ ජේෂ්ඨ පුද්ගලයින් කිහිපදෙනෙකුම පරදමිනුයි රාජන් ආනන්දන් මේ තැනට පත්ව ඇත්තේ. පහතින් දැක්වෙන්නේ එම ශ්‍රේණිගත කිරීමට අනුම මුල් තැන සිටින විධායක නිළධාරීන් දස දෙනායි.

1. Rajan Anandan, Head, Google India
2. D. Shivakumar, CEO Pepsico India
3 Sunil Kaushal, CEO Standard Chartered India
4. Sanjiv Mehta, CEO Hindustan Unilever
5. Martin Pieters, MD and CEO Vodafone India
6 Shinzo Nakanishi, CEO Maruti Suzuki
7. Kalpana Morparia, CEO JP Morgan India
8 Naina Lal Kidwai, Country Head HSBC India
9. Parmit Jhaveri, CEO Citi India
10. B.D. Park, President Samsung India