ඔබත් පැය 8ක හෝ නින්දත් නොලබයිනම් ඔබගේ මතකය හදවත සහ ශාරීරික යෝග්‍යතාවය අනතුරේ. නිදි වැරීම ඔබ විසින්ම ඔබේ හිසට පොලු පහරක් ලබා දීමට සමානයි!

  • සුව නින්දක් නොලැබීම මොළයට හානි කරයි.
  • ජනගහණයෙන් තුනෙන් එකක් පමණ නින්ද හා සම්බන්ධ රෝග හා තත්ත්ව වලින් පෙලේ.
  • දිනකට පැය අටකට වඩා අඩුවෙන් නිදාගන්නා අයගේ බුද්ධි මටිටම අඩුවේ.

හිසට එල්ලවන පොළු පහරකත්, නිදී වරීමත් අතර වෙනසක් නැතැයි ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් ගෙන් අනාවරණය වී ඇත. රාත්‍රියේ නිසි ලෙස නින්දක් නොලැබීම, මොළයේ විවිධ වෙනස්කම් සිදුවීමට බලපාන බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. මේ පර්යේෂණයට යොදාගත් සෞඛ්‍ය සම්පන්න තරුණ තරුණියන් රැසක් යොදා ගෙන ඇති බවටයි පැවසෙන්නේ. සුව නින්දක් නොලැබූ අවස්ථාවක දී මිනිස් මො‍ළයේ ඇතිවන්නාවූ රසායනිකයක් මගින් මොළයට හානි ගෙන දෙන බව ඔවුන් තම නිරීක්ෂණ වලින් අනාවරණය කර ගෙන ඇත.

getty_rf_photo_of_stressed_businessman

මහාචාර්ය ක්‍රිස්ටියන් බෙනඩික් පෙන්වා දෙන ආකාරයට නිදි වැරීමෙන් ඇතිවන N.S.E සහ S100B යන රසායනිකයන් දෙක මගින් ප්‍රධාන වශයෙන්ම මොළයට හානි සිදු වේ. මේ තත්ත්වය මොළයේ දැඩි සෙළවීමකට සමාන වෙන අතර එක් දිනක් නිදා නොගැනීමෙන් මිනිස් සිරුරේ රුධිර මට්ටම පවා වෙනස් වන බව පැවසෙනවා. මේ තත්ත්වය හිසට පහරක් වැදීමකට ආසන්න ලෙස සමාන වන හානියක් ලෙස හැදින්විය හැකි බවත් මොළයේ ඇතිවන විෂ සහිත රසායනිකයන් සුවපහසු පරිපුර්ණ නින්දේ දී ඉවත්වී පිරිසිදු වන බවත් මහාචාර්ය ක්‍රිස්ටියන් බෙනඩික් වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.

නින්ද අඩුවිමෙන් නිපදවෙන මෙම රසායනික වර්ග හේතුවෙන් ඇල්ෂෙයිමර් පාර්කින්සන් සහ විවිධ අත්‍යවශ්‍ය අභ්‍යන්තර ශරීර පටක ඝනවීමේ රෝගය සෑදීමේ අනතුරක් ‍තිබෙනවා. නින්දේ දී නැතිවන අහිතකර රසායනිකයන් නින්ද නොලැබිමේ දී ඉහළ යාමෙන් මොළයේ පටක විනාශ වීමේ අවධානමක් පවතිනවා. එම නිසා හොද නින්දක් රැයක් පුරා ලැබීමෙන් මොළයේ සාර්ථක ක්‍රියාකාරීත්වය හා නිරෝගී පැවැත්ම වදිදුයුනු කරවනවා.

මේ පර්යේෂණයට අනුව එංගලන්තයේ ජනගහණයෙන් තුනෙන් එකක් පමණ නින්ද හා සම්බන්ධ රෝග හා තත්ත්ව වලින් පෙලෙන බව අනාවරණය වුනා. සාමාන්‍යයෙන් 80-90 දශකයේ පැය නවයක් පමණ නින්ද සදහා මුල්තැන ලබා දුන් මිනිසුන් ගතවන දශකයේ එය දිනකට පැය හතකට සීමාකර තිබෙන බව මිනිසුන්ගේ සාමාන්‍ය ජීවන දත්ත මගින් හෙළි වනවා. බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරණු ලබන්නේ ප්‍රමාණවත් නොවූ නින්ද හේතුවෙන් වේදනාත්මක කායික රෝග සහ හෘදයාබාධ හා රුදිර සංසරණය ආශ්‍රිත රෝග වලට මිනිසා ගොදුරුවීමේ ඉතා වැඩි ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බවයි. දිනකට පැය අටකට වඩා අඩුවෙන් නිදාගන්නා අයගේ බුද්ධි මටිටම ගතවන දිනයට වඩා පසු දිනයේ පහල යමකටද මෙලෙස මතකයේ හීන වීමකටද බලපාන බවද අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here