ශ්‍රී ලාංකීය KAAWO යෙදුම IBM තරඟයේ අවසාන වටයට

, , Leave a comment

ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණ කර්මාන්තය පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා කථා කරනවනේ. ශ්‍රී ලාංකිකයන් මේ කර්මාන්තය තුල බැබලෙන්නට තවත් එක හේතුවක් තමයි ඔවුන් ලබා ගන්නා ලෝ සුපතල ජයග්‍රහණ. ඉතින් මේ ලැයිස්තුවට අද තවත් එක් සටහනක් එකතු වෙනවා. ශ්‍රී ලාංකීය Mogo Solutions පුද්ගලික සමාගම නිෂ්පාදනය කරන ලද Kaawo කියන යෙදුම Global Mobile Innovators Tournament හි අවසාන වටයට තේරී තිබෙනවා.

මේ තරඟය පිළිබඳව කෙටි හඳුන්වා දීමක් සිදු කලොත්, Global Mobile Innovators Tournament කියන තරඟය සංවිධානය කරන්නේ 4YFN සහ විදුලි සංදේශ සමාගම් 4 ක් සමඟ එකතුව වී IBM සමාගමයි. මේ සඳහා ලොව විවිධ රටවල් වලින් විශාල තරඟකරුවන් පිරිසක් සහභාගී වෙනවා. මේ සෑම තරඟකරුවෙක්ටම අභියෝගාත්මක තරඟ වට කිහිපයකටම මුහුණ දීමට සිදු වෙනවා.

Mogo Solutions team making their pitch (Photo credits: Trudi Hermon)

ඊයේ දිනයේදී Mogo කණ්ඩායම ප්‍රකාශ කළා ඔවුන් මේ තරඟයේ අවසාන පූර්ව වටයට තේරී ඇති බව. අද උදැසන ඔවුන් ජයග්‍රාහී ලීලාවෙන් ඔවුන් අවසන් වටයට සුදුසුකම් ලැබූ බව නිවේදනය කළා.

දැන් බලමු මේ යෙදුම මොකක්ද කියලා. Kawoo කියන්නේ collaborative story-telling platform එකක්. මේ හරහා ඔබට ඔබේ මිතුරන් සමඟ එක්ව ඔබේම කතන්දර සකසා ඒවා ලෝකයා සමඟ බෙදා ගන්නට පුළුවන්. මේ යෙදුම මුලින්ම දැකගන්නට පුළුවන් වුනේ 2015 වසරේ පැවැත්වුණු Infotel හිදීයි. තවමත් මේ යෙදුමෙහි කටයුතු සිදු වෙමින් පවතිනවා. නමුත් ඔබට මෙය අත්හදා බැලීමට අවශ්‍යය නම් මේ ලින්ක් එක හරහා ඉල්ලීමක් කරන්නට සිදු වෙනවා.

අපි අවසාන වශයෙන් ඔවුන්ට සුභ පතනවා අවසාන තරඟය ජයග්‍රහණය කොට ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට හැකිවේවායි කියලා.

 

Leave a Reply