ඉබේ ධාවනය වන Google කාර් ගැන ඔබ නොදත් දේ (Video)

, , Leave a comment

Google සමාගම ස්වයංක්‍රීයව ධාවනය වන, එහෙමත් නැත්නම් Self Driving Car හදන්න පටන්ගත්තේ අද ඊයේ නෙවෙයි. ඒත් මෑතක් වෙනකං Google තමන්ගේම කියලා කාර් එකක් නිෂ්පාදනය කලේ නැහැ. ඉතින් මේ තියෙන්නේ Google සමාගම හාපුරා කියලා හදපු කාර් එක. හැබැයි මේ කාර් එකේ සුක්කානමක්, ඇක්සලරේටරයක් හෝ බ්රේක් නම් නැහැ.

ඒ වෙනුවට විවිධ Sensors රාශියකින් ලබාගන්නා දත්ත අනුසාරයෙන් ලැබෙන විධාන අනුවයි මේ මෝටර් රථය ධාවනය වෙන්නේ. ඒ කියන්නේ මේ කාර් එකට ගොඩවෙන ඔබට කරන්න තියෙන්නේ යන්න ඔන තැන කියන්න විතරයි. හැබැයි කෝකටත් කියලා ලොකු STOP button එකකුත් dashboard එක මැද්දෙන් තියෙනවාලු.

නිකමට හිතන්න මේ වගේ කාර් එකක් තියෙනම් ඔයාට කාර් එක පාරක් කරන්න මිනිත්තු 20ක් 30ක් විතර රවුම් ගහන්න ඕන නෑ නේ. යන්න ඔන තැනට ගිහිල්ලා කාර් එකෙන් බැස්සම කාර් එක ස්වයංක්‍රීයවම එයාට නවතින්න තැනක් හොයාගන්නවා. ඒ විතරක් නෙවෙයි වයසක, වාහන ධාවනය කරන්න බැරි අයටත් මේ නිර්මාණය කදිමයි. ඒ විතරක් නෙවෙයි පාටි එකට ගිහින් එනකොට පොලිසියෙන් දඩ කන්නෙත් නැතුව පරිස්සමට ගෙදර එන්න පුළුවන් නේද?

හැබැයි මේ වගේ රථයක වැදගත්ම දේ තමයි ආරක්ෂාව. ඒ නිසාම මේ මෝටර් රථය නිර්මාණය කරලි තියෙන්නේ උපරිම ආරක්ෂාවක් සැපයෙන පරිදියි. විවිධ සංවේදක සෑම දිශාවකටම සවිකර ඇති අතර ඒ දත්ත මඟින් රථය වටේට ඇති සෑම දෙයක් පිළිබඳව අවබෝධයක් ලබාගන්නට මේ මෝටර් රථයට පුළුවන්. ඒ වගේම පාපැදිකරුවන් වගේ ක්ෂණිකව ඛාධකයක් වියහැකි වාහන පිළිබඳවත්, පදිකයින් පිළිබඳවත් දත්ත ලබාගෙන ඒ සෑම අවස්ථාවකදීම වඩාත්ම ආරක්ෂිත පියවර අනුගමනය කරන්නට මේ මෝටර් රථයට පුළුවන්.

හැබැයි දැනට නිපදවා තියෙන මේ මෝටර් රථයට උපරිම පැයට කිලෝමීටර් 25ක පමණ වේගයකින් පමණයි ගමන් කරන්න පුළුවන්. ඒ වුනත් වෙළඳපළට නිකුත් කරන විට උපරිම පැයට කිලෝමීටර් 100 දක්වා වේගයකින් ගමන් කල හැකි මෝටර් රථයක් නිර්මාණය කරන්නටයි Google සමාගමේ බලාපොරොත්තුව.

meet-googles-own-design-self-driving-car-that-will-change-the-auto-market-video_5

සාමාන්‍යයනේ දැනට සිදුවන රිය අනතුරු වලින් බොහෝමයක් සිදුවන්නේ මිනිස් අත්වැරදීම් වලින්. ඒ නිසා මේ මෝටර් රථය මඟින් රිය අනතුරු පවා අඩු කරන බවයි Google සමාගම පවසන්නේ. නමුත් මේ මෝටර් රථය වෙළඳපලට නිකුත් කරන්නට පෙර තව තවත් වැඩි දියුණු කිරීමටයි Google සමාගමේ බලාපොරොත්තුව. එලෙස වැඩි දියුණු කරන ලද සම්පූර්ණ ස්වයංක්‍රීය මෝටර් රථය මිනිස් රියදුරෙකු සහිත මෝටර් රථයකට වඩා ආරක්ෂිත බව ඔප්පු වුනොත් නුදුරේ දීම අපටත් ඉබේ ධාවනය වෙන කාර් එකක් මිළදී ගන්නට ලැබේවි.

GoogleSelfDrivingCar-Lexus

 

Leave a Reply