TechGuru.lk සමඟින් එක්වී YouTuber කෙනෙක්, Content Writer කෙනෙක් වෙන්න කැමතිද ?

0
147

ශ්‍රී ලංකාව තුල ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතින ” YouTube” හි YouTuber කෙනෙකු නැතිනම් “Content Writer” කෙනෙකු වීමට බෝහෝ දෙනෙකු කැමැත්තෙන් සිටිනවා. මේ සඳහා පහසු අවස්ථාවක් TechGuru අපි ඔබට ලබා දීමට සුදානම්. TechGuru.lk වෙබ් අඩවිය හා සම්බන්ධ වී “Youtuber” කෙනෙකු හෝ “Content Writer” කෙනෙකු වීමට ඔබහට දැන් හැකියාව හිමිවී තිබෙනවා. මේ සඳහා ඔබට පෙර දැනුමක් හෝ අත්දැකීමක් තිබීම අවශ්‍ය නැත. අවශය වන්නේ අලුත්වන තාක්ෂණය පිළිබඳ තොරතුරු සෙවීමට ඔබ සතුව ඇති කැමැත්ත පමණයි. ඔබ දැනට රැකියාවක් කරන්නෙක් වුවත් ඔබට අතිරේකව මේ සඳහා සම්බන්ධ විය හැකිය.

TechGuru හී Youtuber හෝ Content Writer කෙනෙකු වීමෙන් ඔබට ලැබෙන වාසි

  • ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය Youtuber හෝ Content Writer කෙනෙකු වීමේ හැකියාව.
  • ඔබට මුදල් ඉපයීමේ හැකියාව.
  • නොමිලයේ පුහුණුවක් ලබා ගැනීමට හැකියාව.
  • නවතම තාක්ෂණික උපකරණ භාවිත කිරීමේ අවස්ථාව.
  • තාක්ෂණය සම්බන්ධ උනන්දුවක් දක්වන අනෙකුත් Youtubers ලා සහ Content Writers ලා සමඟින් එකට එක්ව වැඩකටයුතු කිරීමේ හැකියාව.
  • TechGuru.lk දෙරණ මාධ්‍ය ජාලය අනුබද්ධ ආයතනයක් බැවින් ඔබට Video කටයුතු සඳහා අවශ්‍ය සියලුම පහසුකම් (Studio, Camera, Lightings) අප විසින් සපයා දෙනු ලැබේ.

TechGuru හී YouTuber හෝ Content Writer කෙනෙක් වෙන්නේ කොහොමද?

TechGuru.lk Youtuber

මෙය සඳහා ඔබ විසින් ඔබගේ ජංගම දුරකථනය භාවිත කර විනාඩියක කාලයක් තුල ඔබ ළඟ ඇති ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපකරණයක් කෙටියෙන් review කරන video පටය පහත සඳහන් ඉල්ලුම්පත සමගින් අපට එවන්න. මේ සඳහා Google Drive හෝ Youtube භාවිත කොට ලින්ක් එක ඉල්ලුම්පත්‍රයේ සටහන් කරන්න.

සැ.යු :- Video පටය, ඔබ විසින් කැමරාව/ජංගම දුරකතන කැමරාව ඉදිරියේ Review කරණු ලබන Video පටයක් විය යුතුය.

Apply Now

TechGuru.lk Content Writer

තාක්ෂණය සම්බන්ධ ඔබගේ දැනුම භාවිතයෙන් ඔබට සිංහල ලිපි ලිවීමට හැකිනම් ඔබට අපගේ TechGuru කණ්ඩායමට එකතු වීමට හැකියාව තිබෙනවා. මෙමගින් ද ඔබට මුදල් ඉපයීමේ හැකියාව පවතිනවා. මෙය සඳහා ඔබ විසින් පහත සඳහන් ඉල්ලුම්පත්‍රය සම්පුර්ණ කිරීම ප්‍රමාණවත් වේ.

Apply Now

සැ.යු:- ඉල්ලුම්පත්‍ භාරගන්නා අවසාන දිනය 2019.01.17 වේ.

මෙමගින් TechGuru කණ්ඩායමේ අපි නවක Youtubers ලා සහ Content Writers ලා රැසක් අපගේ කණ්ඩායමට බඳවා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔබත් අප හා එක්ව කටයුතු කිරීමට කැමතිනම් ඔබගේ ඉල්ලුම්පත්‍රය අදම සම්පුර්ණ කරන්න.

මේ සම්බන්ධයෙන් ඔබට වැඩි දුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් අපව අමතන්න,

ඊ‌මේල් : vimukthi@mogo.lk, nilaga@mogo.lk
දුරකථන අංකය : 0115458888