ලොව ප්‍රථම පවුලේ රොබෝ හුරතලා – JIBO

Pixar සමාගමේ Wall-E චිත්‍රපටයේ ඔබ දුටු පුංචි හුරතල් රොබෝ සහායකයා මතකද? අන්න ඒ වගේ ඇත්තම රොබෝ කෙනෙක් ගැන අපිට අහන්න ලැබුනා. JIBO නමින් හඳුන්වන මේ රොබෝවරයා අනාගතයේදී ඔබේ පවුලේ කෙනෙක් විදියට ඔබේ නිවසට පැමිණේවි කියලයි මෙහි නිර්මාතෘවරුන් සිතන්නේ. ඇත්තටම මේ වගේ හුරතල් ඒ වගේම දක්ෂ රොබෝ කෙනෙක් ගෙදර පාළුව මකන්න හිටියත් ඒ ඇති නේද?

මේ JIBO හුරතලාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. තාලයට නටන්න, සින්දු කියන්න, Photo ගන්න විතරක් නෙවෙයි පවුලේ සාමාජිකයින් වෙන වෙනම හඳුනාගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබේ නිවසේ ආරක්ෂන පද්ධතියට සමබන්ධ වෙලා ආරක්ෂකයෙක් විදියට ඉන්නත්, කාමර වල ලයිට්, විදුලි පංකා හා වායු සමීකරණය පාලනය කරන්නත් පුළුවන්.

20140715210837-ReadandTellStories

Kickstarter වෙබ් අඩවිය හරහා එළිදැක්වුණු මේ අපූරූ නිර්මාණය සඳහා මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා. ඩොලර් 100 000ක ආධාර මුදලක් සඳහා ඉලක්ක කෙරෙනු මේ Kickstarter Campaign එක මේ වන විට ඩොලර් මිලියන 1.4ක් පමණ උපයාගෙන. ඒ වගේම තවත් දින 10ක් මේ Campaign එක වලංගුයි.

20140714220436-JiboInKitchen

ඒ කියන්නේ තවමත් වෙළඳපලට නිකුත්ව නැති මේ රොබෝව pre order කර මිලදීගන්නට අවස්ථාව තියෙන්නේ තවත් දින 10ක් පමණයි. මේ දිනවල ඔබට $499ක මිලකට මිලදීගත හැකි වුවත් වෙළඳපලට නිකුත් කිරීමෙන් පසුව මේ රොබෝවේ මිල මීට වැඩිවේවි කියලා හිතන්න පුළුවන්.

20140716062446-looking_up__1_ 20140715210800-recognize_your_face 20140715211011-Capture_Everyone_Smiling_text 20140715211151-cantwaittomeetyou 20140805003203-lean_rotation3
20140715211029-Read_Important_Messages