එදිනෙදා ගැටළු වලට තාක්ෂණික විසඳුම් සොයන්නන්ට අපූරු අවස්ථාවක්

, , Leave a comment

ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ කතාබහේදී අමතක නොවන පුද්ගලයෙක් ලෙස උමේර් වොලීද් හඳුන්වන්නට පුළුවනි.
ඩිජිටල් මාධ්‍යකරණය සහ ඩිජිටල් ‍අලෙවිකරණ ක්ෂේත්‍රය පිළබඳ ප්‍රවීණයෙක් වන උමේර් වොලීද් වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍ර යේද ප්‍රවීණයෙක්.

ඔහුගේ දැනුම් පරාසය තුලට අලෙවිකරණ සන්නිවේදනය, ඩිජිටල් අලෙවිකරණය, සමාජ මාධ්‍ය, වෙළඳ ප්‍රචාරණය සහ ඩිජිටල් මාධ්‍ය ඇතුලත්. සිය වෘත්තීමය කටයුතු වලදී ඔහු බොහෝ විට යෙදී සිටියේ ඩිජිටල් හා අන්තර්ජාල මාධ්‍ය හරහා ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු වලයි. ඒ වගේම ඔහුගේ පිරිස් කළමණකරන හැකියාවද මේ වෘත්තීමය සාර්ථකත්වය උදෙසා බෙහෙවින් උපකරී වී තිබෙනවා.

එමෙන්ම සිය වෘත්තීම අත්දැකීම් සහ ජයග්‍රහණ හරහා නව පරපුරේ අලෙවිකරණ ක්ෂේත්‍රෙය් නවකයින්ට අත්වැලක් සැපයීමට ඔහු සූදානම්. එසේනම් ඔබත් දිනෙන් දින දියුණු වන තාක්ෂණික ලෝකයේ නව මංමාවත් සොයමින් එදිනෙදා අප මුහුණපාන ගැටළු වලට අපූරු තාක්ෂණික විසඳුම් සොයමින් ලොව දිනන්න වෑයම් දරණ කෙනෙක් නම් අප සමඟ මේ මස 13 වනදා තෙක් රැඳී සිටින්න. ඔබේ නව නිපැයුම හෝ අදහස වැඩි දියුණු කරගැනීම උදෙසා ජනශක්ති රක්ෂණ සමාගම, උමේර් වොලීද් සහ තවත් ක්ෂේත්‍රෙය් ප්‍රවීණයින් කිහිපදෙනෙකුම සූදානම්.

 

Leave a Reply