මිලියනයේ ජය හිමිවන ජනශක්ති Appathon සඳහා අයදුම් පත් ඇරඹේ

, , Leave a comment

ඔබ එදිනෙදා ලෝකයේ අපට මුහුණු දෙන්නට වන ගැටළු වලට විසඳුම් සොයන තාක්ෂණික ලෝකයේ වැඩකරුවෙක් ද? එසේනම් මේ අවස්ථාව ඔබටයි.

ජනශක්ති රක්ෂණ සමාගම විසින් සංවිධානය කරනු ලබන ජනශක්ති ඇපතන් (Janashakthi Appathon) තරඟය හරහා ජංගම දුරකථන යෙදුමක් (App) නිර්මාණය කිරීමෙන් අභියෝගාත්මක ගැටළු වලට විසඳුම් සොයා මිලියනයක මුදල් ත්‍යාගයක් දිනාගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

මෙම තරඟාවලියේ ආරම්භක උත්සවය පසුගිය සෙනසුරාදා (13) මැජෙස්ටික් සිටි හීදී පැවැත්වුනා. ජනශක්ති රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ජූඩ් ප්‍රනාන්දු මහතා, ජනශක්ති ආයතනයේ වෙළඳ ප්‍රධානි මනින්ද්‍රි බණ්ඩාරණායක, Google Developer Group හි කළමණාකරු රවීන් හරිත්, OMAK Technologies ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී එහාන්ත සිරිසේන යන අය මේ උත්සවය සඳහා ආරාධිත විද්වතුන් වශයෙන් කටයුතු කලා.

Image 1
14067939_960051744117962_8981013576400102225_o

Google Developer Group හි සහයෝගීත්වයෙන් පැවැත්වෙන මේ තරඟාවලියේ දී අප රටේ තාක්ෂණික ක්ෂේත්‍රෙය් සැඟවුණු දක්ෂතාවයන් හඳුනාගෙන ඒ අයගේ නව නිපැයුම් ව්‍යාපාරයක් දක්වා රැගෙන යාමට උපකාර ලැබෙනු ඇත.

තරඟාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම තුල වයස අවුරුදු 18ත් 30ත් අතර සාමාජික සාමාජිකාවන් 4 දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි. අගෝස්තු මස 30 වනදා දක්වා ඔබට අයදුම් පත්‍ර ඇතුලත් කල හැකි අතර ඒවා අතුරෙන්

මේ Appathon තරඟයේ තේමාව වී ඇත්තේ මාර්ග තදබදය නිසා ඇති වන ගැටළු වලට ජංගම දුරකථන යෙදුමක් හෝ මෘදුකාංගයක් මඟින් විසඳුම් සෙවීමයි. ඔබ ඉදිරිපත් කරන අයදුම්පත් අතුරින් හොඳම 100 දෙනාට සැප්තැම්බර් මස 3 වනදා පැවැත්වීමට නියමිත පළමු වැඩමුළුවට සහභාගී විය හැක.

අනතරුව එක් එක් කණඩායම තම ජංගම දුරකථන යෙදුම පිළිබඳ අදහස සැප්තැම්බර් 27 වනදාට ප්‍රථම ඉදිරිපත් කළ යුතුයි. එම අදහස් අතරින් හොඳම කණ්ඩායම් 20 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබයි. අනතුරුව එම කණ්ඩායම් 20 දෙවන වැඩමුළුවට සහභාගීවී සිය නිපැයුම පිළිබඳ ඉදිරිපත් කිරීමක් (presentation) සිදුකල යුතුයි. එම අදහස් ඉදිරිපත් කිරීම අනුව අවසන් වටය සඳහා කණ්ඩායම් 5ක් තෝරාගනු ඇත. එම කණ්ඩායම් අවසන් වටයේ දී කණ්ඩායම් 5 සිය ජංගම දුරකථන යෙදුම් නිර්මාණ විනිශ්‍ය මණ්ඩලය ඉදිරියේ ප්‍රදර්ශණය කළ යුතුයි. ඒ අතුරින් ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් මිලියනයේ දැවැන්ත මුදල් ත්‍යාගයක්ද, දවෙන ස්ථානය ලබාගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 2ක මුදලක් ද, 3, 4 සහ 5වන ස්ථාන සඳහා රුපියල් ලක්ෂ 1 බැගින්ද හිමිවනු ඇත.

 

Leave a Reply