iOS 8 ජායාරූප අන්තර්ජාලයට නිකුත් වේ.

, , Leave a comment

iOS 8 හෙවත් Apple iPhone හා iPad හි මීලඟ මෙහෙයුම් පද්ධති සංස්කරණය එළඹෙන ජූනි මාසයේ දී නිකුත් වීමට නියමිතයි. මෙවර ඇපල් සමාගම Samsung සමාගම Samsung Galaxy S5 නිකුත් කිරීමේ දී සිදු කරා මෙන් ව්‍යායාම හා ශාරීරික සුවතාවය පිළිබඳව වැඩි අවධානයක් යොමුකරමින් සිය මෙහෙයුම් පද්ධතිය නිෂ්පාදනය කර ඇති බව පෙනේ. එලෙස තොරතුරු හෙළිදරව් වන්නේ අන්තර්ජාලයට අහම්බෙන් නිකුත් වුනු iOS 8 හි ජායාරූප වලිනි.

SEE ALSO: Samsung Galaxy S5 ගැන සිංහලෙන්

චීන සමාජ ජාල වෙබ් අඩවියක් වන Weibo වෙබ් අඩවිය වෙත නිකුත් වුනු මේ ජායාරූප වල දැක්වෙන පරිදි Apple OS X පරිගණක මෙහෙයුම් පද්ධතියේ ඇති Preview සහ TextEdit වැනි මෘදුකාංගද apps ලෙසින් iOS 8 සංස්රකණයට ඇතුලත් කරඇත.

මෙලෙස ඇතුලත් නව app එකක් වන Healthbook හරහා ඔබේ හෘද ස්පන්ධන වේගය, ග්ලූකෝස් මට්ටම, රුධිර පීඩිනය මෙන්ම දහනය කරන කැලරි ප්‍රමාණයද මැනගත හැක. එමෙන්ම මීලඟට නිකුත් වීමට ඇති iPhone 6 ජංගම දුරකථනයේ පෙර තිබූ සංවේදක (Sensors) වලට අමතරව තවත් සංවේදක ද ඇතුලත් වන ඇති බව කියැවේ.

 

Leave a Reply