ශ්‍රී ලංකාවේ ඉදිරි තාක්ෂණික පෙරළිය ගැන Intel වෙතින් හෙළිදරව්වක්.

0
1280

Intel සමාගමේ 2015 වසර සඳහා පෙරදැක්ම හා පසුගිය වසරේ තොරතුරු සමාලෝචන සඳහා පසුගිය දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී ඉන්ටෙල් ශ්‍රී ලංකා සභාපති ඉන්දික ද සොයිසා තාක්ෂණික ක්ෂේත්‍රෙය් වේගවත් නව්‍යකරණය පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි.

ඉන්දික ද සොයිසා විසින්

තාක්ෂණික ලෝකයේ කිසිවක් නිශ්චලව නොපවතී. පෙර නොදුටු පරිසි එදිනෙදා ජීවිතයේ දත්ත විශාල ප‍්‍රමාණයක් රැුස් කිරීම සහ කළමනාකරණය කළ හැකි නව්‍යතා රැසක් පිරිනමන මොබයිල් සහ ගණන උපකරණයන් අද වෙළෙදපොළ ආක‍්‍රමණය කර ඇත.

සියළුම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයන් තුළ දැකිය හැකි වේගවත් නව්‍යකරණය, තාක්ෂණය සහ ගණන බලය අපගේ දෛනික ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කරන සමෝධානිකරණ යුගය කරා අප ගෙන යාම සඳහා 2015 වර්ෂයේ දීත් එලෙසම අඛණ්ඩව පවතිනු ඇත.

මේ සඳහා ආසියානු පැසිපික් කලාපය සහ ජපානය නායකත්වය සපයනු ඇත.

පරිගණක විකාශනය

සමෝධානිකරණ යුගය (Era of Integration) කරා පියවර තැබීමට අපිට සහාය වෙමින් ස්මාර්ට් උපකරණ මෙම නව යුගයේ ඵලදායිතාවය වර්ධනය කරයි. හැකිලිය හැකි තිරයේ සිට ඉහළ ක‍්‍රියාකාරිත්වයකින් යුත් අඩු බලයකින් ක‍්‍රියාත්මක වන ආකෘති සහ සැහැල්ලු සාධාරණ අනෙකුත් සම්බන්ධක ද්‍රව්‍ය හා ස්වයංක‍්‍රීයව කථා කරන සාධාරණ මිලකට ලබා ගත හැකි සේවාවන් වැනි නව හැකියාවන් අපි දැන් දකින්නෙමු.

අපි තවදුරටත් මූලික මට්ටමේ සම්බන්ධතාවයක් ඇති එක් උපකරණයක් පමණක් තිබෙන පරිසරයක ජීවත් නොවෙමු. දැන් අපි ස්මාර්ට්ෆෝන්ස්, ටැබ්ලට් සහ PCs වැනි පුද්ගලික මට්ටමේ සැබෑ අත්දැකීමක් පිරිනමන විවිධ උපකරණ භාවිත කිරීමට පෙළඹී ඇත. අපි තිර (ස්ක‍්‍රීන්) සහ උපකරණ ලෝකයේ සිට පරිපූර්ණ අත්දැකීමක් කරා ගමන් කිරීමත් සමඟ පරිගණක ද ක‍්‍රමයෙන් වෙනස් වේ.
‘‘ඊළඟ වසරේ දී පරගණක ක්ෂේත‍්‍රයේ මීළඟ යුගය වන ‘තිර රහිත’ පරිගණක යුගයට එනම් GPS ඔරලෝසු සහ එකිනෙකට සම්බන්ධ ගෘහ උපකරණ වැනි අපි අවට පවතින උපකරණයන්හී ගණන බලය පවතින යුගයකට අපි පිවිසෙන්නෙමු.’’යැයි ඉන්ටෙල් අනාගතවාදියා බ‍්‍රයන් ඬේවිඞ් ජොන්සන් පැවසුවේ ය.

ඉන්ටෙල් ආසියානු පැසිපික් සහ ජපාන ආයතනයේ උපසභාපති සහ සාමාන්‍යාධිකාරී ටිම් පාකර් මහතා ඔහුගේ කියමන සනාථ කරන ලදි. අපි සමස්ථ උපකරණ සමූහයටම නව තාක්ෂණය සහ හැකියාවන් එක්කරන තාක්ෂණ රැල්ලේ මුදුන් හිනිපෙත්තේ සිටින්නෙමු. නව්‍යතාවයන් විසින් නව කරළි සහ උපකරණ
අඛණ්ඩව බිහි කරනු ඇත.’’

චීන තාක්ෂණ පරිසර පද්ධතියන්හී (බහුතරය CTE ලෙසින් හඳුන්වන) සන්නම්නාම සහ 2015 සහ ඉන් ඉදිරියට නව්‍යතා බිහිකරමින් ඒ සඳහාම කැපවූ නව්‍යතා මධ්‍යස්ථාන සමඟ ආසියානු පැසිපික් සහ ජපානය මෙම ගණන නව යුගය ඉදිරියට රැගෙන යන තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වැදගත්ම හවුල්කරු වේ.

සම්බන්ධක උපකරණයන්ට බලපෑම් කරමින් ඉදිරි වසරේ සිදුවන ප‍්‍රධානතම විකාශනය වනුයේ රැහැන් රහිත ආරෝපණය කිරීමේ හැකියාවන් බිහි වීම ය. අපි තව නොබෝදිනකින් අපගේ උපකරණ රැස සමඟ සම්බන්ධවන සහ ඒවා පාලනය කරන ආකාරයේ විශාල පෙරළියක් කරමින් රැහැන් රහිත ලොවකට පිවිසෙනු ඇත.

2015 වසර රැහන් රහිත ආරෝපණයේ මුල් අවධිය බැවින් මෙය සුවිශේෂි සේවාවක් ලෙස ඉහළ පෙළේ උපකරණයන් සඳහා පමණක් මුලින් පිරිනමනු ඇත. නමුත් ඉතාමත් කෙටි කාලයකින් කෝපි සාප්පු සහ අනෙකුත් එවැනි මහජනයා ගැවසෙන ස්ථාන රැහන් රහිත ආරෝපණ කලාප බවට පත්වෙමින් පාරිභෝගිකයන්ගේ යහපත සඳහා එම සේවාව පිරිනමනු ඇත. ‘‘මෙය ලැබීමට පෙර අපි කළේ කුමක් ද යන්න පිළිබඳ පුදුමයට පත්වන දේවල් වලින් එකක් බවට මෙය පත්වෙනු ඇතැයි’’ ඉන්ටෙල් සමාගමේ මොබයිල් සහ සන්නිවේදන සමූහයේ සාමාන්‍යාධිකාරී සහ ඉන්ටෙල් උපසභාපති හර්මන්

බොහෝ දේවල් සමඟින් අන්තර්ජාලය

මනුෂ්‍ය මැදිහත්වීමක් නොමැතිව දත්ත හුවමාරු කිරීමේ හැකියාව පිරිනමන සුවිශේෂි හඳුනාගැනීමේ ලක්ෂණ සමඟ ́නෑම දෙයක් ඉදිරිපත් කළ හැකි බොහෝදෙනාගේ කථාබහට ලක්වන අන්තර්ජාලීයකරණය සමෝධානික යුගයේ ප‍්‍රධාන කොටස්කරුවෙකි.

හෘදය අධීක්ෂණය කිරීමේ උපකරණයක් ඇතුළු කළ පුද්ගලයෙක්, එංජිම අධික ලෙස රත්වී ඇතැයි පැවසිය හැකි තරම් සංවේදක පවතින මෝටර් රථයක් හෝ පුහුණු ආතතිය සහ තරඟකිරීමේ දි ශරීරයේ ප‍්‍රතික‍්‍රියා අධික්ෂණය කළ හැකි පතුරක් (චිප්) සහිත මළල ක‍්‍රීඩකයෙක් පිළිබඳ සිතන්න.

‘‘පාරිභෝගිකයන් අන්තර්ජාලීයකරණය වැළද ගනු ඇත. නමුත් ඔවුන් එය හරි හැටි අවබෝධ කර නොගනී’’ යැයි ඉන්ටෙල් පරීක්ෂණාගාර: ඉන්ටෙල් සාමාජික සහ භාවිතකරන්නන්ගේ අත්දැකීම් පර්යේෂණ අධ්‍යක්ෂක උපසභාපති ජීන්වීව් බෙල් මහතා පැවසුයේ ය. ‘‘සෑම තාක්ෂණයක් සමඟම පවතින අභියෝගය වනුයේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව වැනි කාරණා වැඩිදියුණු කරමින් හැකිතරම් පැහැදිලිව සහ සරලව එය පැහැදිලි කිරීම ය. නමුත් අන්තර්ජාලීයකරණය සැලකිල්ලට ගත් කළ මෙම කාරණා පුද්ගලයින් එය භාවිත කිරීම වැළැක්වීම සඳහා හේතු වී නොමැත.’’

2015 වසරේ සමෝධානික යුගය කරා අපි අඛණ්ඩව ගමන් කිරීමේ දී අපිව එම යුගය කරා මෙහෙයවන ප‍්‍රධාන බලවේගයක් ලෙස අන්තර්ජාලීයකරණය හැදින්විය හැකි ය.

’‘අපගේ ජීවිතයේ විවිධ අංශ සම්බන්ධ කරන විවිධ උපකරණ සමඟ කාර්මික, ඇදුම්පැළදුම්, නිවාස, මෝටර් රථ සහ තවත් බොහෝමයක් දෑ අඩංගු සියළුම අංශ සඳහා අන්තර්ජාලීයකරණය අදාල වේ. ‘‘වඩාත් වැදගත් වනුයේ කොතරම් ඉක්මනින් අන්තර්ජාලීයකරණය වර්ධනය වන්නේ ද සහ අවසාන පාරිභෝගිකයාගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව යන කාරණා සඳහා විසදුම් ලබා දෙමින් දත්ත ගවේෂණය සහ විශ්ලේෂණය සමඟ එහි වටිනාකම ක්ෂේත‍්‍රය විසින් උකහා ගන්නේ කෙසේ ද යන්න ය.’’ යැයි ඉන්ටෙල් උපසභාපති සහ මෘදුකාංග සහ සේවා සමූහයේ සාමාන්‍යාධිකාරී ඩග්ලස් ෆිෂර් මහතා පැවසුවේ ය.

IDC අනුව අන්තර්ජාලීයකරණය පරිසර පද්ධතිය සමඟ සම්බන්ධ වී ඇති උපකරණ සංඛ්‍යාව වැඩිවීම සමඟ දත්ත ඇතුළත් කරන ප‍්‍රමාණය ද ඉතාමත් වේගයෙන් වර්ධනය වන අතර 2020 වසරේ දී එය බිලියන 200 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිත ය. ඇත්ත වශයෙන්ම වසර දෙකකට වරක් දත්ත ප‍්‍රමාණය දෙගුණයක් වන බව IDC පවසන අතර 2020 වන විට අපි දත්ත ඇතුළු කරන සහ පිටපත් කරන ඩිජිටල් විශ්වය සෙටාබයිට් 44 හෝ ටි‍්‍රලියන් ගිගාබයිට් 44 සීමාවට ළඟා වනු ඇත.

ඒ අනුව ඉදිරි වසර තුළ දී අඛණ්ඩ වර්ධනය මෙහෙයවීමෙහිලා කළමනාකරණය සහ දත්ත රැස්කිරීම සම්බන්ධයෙන් වඟකිව හැකි තාක්ෂණ, යටිතලපහසුකම් සහ ප‍්‍රමීතීන් විකාශනය වනු ඇත. මෙම දත්තයන්හී වටිනාකම වැඩිදියුණු කිරීම වෙළෙදපොළ වර්ධනය කරා මෙහෙයවන අතර අපි ගණන විද්‍යාවේ සීමාවන් ව්‍යාප්ත කිරීම සමග මෙය සෑම සේවාවකම අනිවාර්ය අංගයක් බවට පත්වේ.

සමෝධානික යුගය ආරම්භ වීමත් සමඟ ලොවවටා විසිරී සිටිනා ජනතාවට විශේෂයෙන් ක්ෂණිකව වෙනස්වීමට කැමති පිරිසට විශාල වටිනාකමක් අත් කර දෙමින් අන්තර්ජාලීයකරණය දෛනික ජීවත පෝෂණය කරන අතර රාජ්‍ය කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම, ව්‍යාපාරයන්හී පෙරලියක් ඇති කිරීම සහ ඵලදායිතාවය වර්ධනය කිරීම සඳහා දායක වේ.

පාරිභෝගිකයන්ට සහ පොදු ජනතාවට උසස් අන්තර්ජාලීයකරණ සේවාවන් පළමුවෙන්ම පිරිනැමූ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර අතර රාජ්‍ය, නිෂ්පාදන, රීටේල්, සෞඛ්‍යාරක්ෂාව, මෝටර් රථ සහ නිවාස අංශ වේ. වර්ධනය වූ කාර්යක්ෂමතාවය සමඟ වර්ධනය වූ ක්ෂේත‍්‍රයන්ගේ දැඩි අවශ්‍යතාවය නිසාම පමණක් නොව අඛණ්ඩ තාක්ෂණික සංවර්ධනයන් 2015 වසරේ දී විශාල ලෙස භාවිත වනු ඇත. උදාහරණයක් ලෙස නවතම කර්මාන්ත ස්වයංක‍්‍රීයකරණ පද්ධතිය සමඟ සම්බන්ධිත අන්තර්ජාලීයකරණය භාවිත කරන මැලෙසියාවේ ඉන්ටෙල් කර්මාන්තශාලාව ඩොලර් මිලියන 09 ක ඉතිරියක් පිරිනැමීමට සමත් විය.

නව පරිගණක ලොව

සමෝධානික යුගය එහි සිටින සියළුදෙනාටම හිතකර අනාගතයක් බවට පත් කරමින් පැළදිය හැකි සහ 3D ඉමේජින්, නව්‍යතා වැනි නව සාධක, හැකියාවන් සහ අත්දැකීම් දැකිය හැකි අපගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට ගැලපෙන, භාවිත කිරීමට පහසු ස්මාර්ට් උපකරණ 2015 වසරේ දී භාවිතයට පැමිණෙනු ඇත. තවත් මොනව ද, 3D මුද්‍රණයේ අඛණ්ඩ සංවර්ධනය සමඟ ව්‍යාපාර සහ පාරිභෝගිකයන් රොබොටික් ලොව අත්දකිනු අපිට දැකිය හැක.

ලෝක වාසීන් විසින් මෙම නව පරිගණක යුගය වැළද ගැනීමට නම් අවසන් පාරිභෝගිකයාට මෙමඟින් ලැබෙන ප‍්‍රතිලාභ සහ යහපත් බලපෑම පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් ය. උදාහරණයක් ලෙස වියට්නාමයේ නඟරයක් වන ඩ නැන්ග් එම නඟරයේ යටිතලපහසුකම් ගොඩනැගීම සහ මෙහෙයවීම සඳහා උසස්ම තාක්ෂණය භාවිත කරමින් ආසියානු පැසිපික් කලාපයේ පළමු ස්මාර්ට් නඟරය බවට පත් කරන ලදි. මේ හරහා එහි නඟරවැසියන්ට සහ ඒ වෙත පැමිණෙන්නට වඩාත් හොඳ සේවාවක් සැපයීමට ඔවුනට හැකියි.

අපි මෙම නව පරිගණක යුගය වැළද ගනිමින් 2015 වසරට පියනඟන බැවින් පවත්නා සහ අනාගත ශ‍්‍රම බලකාය මෙම නව යුගය තුළ සාර්ථකත්වයට හේතුවන කුසලතාවයන්, දැනුම සහ උපකරණවලින් සන්නද්ධ කිරීම ඉතාමත් වැදගත් ය. කුසලතා හිගකම සමීක්ෂණයට අනුව 2013 වසරේ පැවති පුරප්පාඩු වලින් 45% සම්පූර්ණ කිරීමට ආසියානු පැසිපික් කලාපයේ සේවායෝජකයන් අසමත් විය. මෙම නව පරිගණක යුගයේ බිහිවන නව්‍යාතවයන්ගේ මල්ඵල නෙලා ගැනීමට කලාපය අඛණ්ඩව ක‍්‍රියා කරන්නේ නම් සියළුදෙනාටම නව අවස්ථා බිහිකිරීම සඳහා මෙම හිදැස් පිරවීමෙහිලා ඉක්මනින් ක‍්‍රියා කිරීම ඉතාමත් වැදගත්.