Instagram වෙතින් වීඩියෝකරණයට අපූරු ඇප් එකක් – Hyperlapse

, , Leave a comment

ජංගම දුරකථන ඡායාරූප ගැනීමටත් තරමක් එහා ගිහින් Instagram අද දින අලුත් app එකක් හඳුන්වා දුන්නා. Hyperlapse නමින් හඳුන්වා ඇති මෙය වඩා ස්ථායිව time-lapse වීඩියෝ රූගත කිරීමට හැකි ඇප් එකක්. ඔබේ iPhone ජංගම දුරකථනයේ සාමාන්‍ය කැමරාව පමණක් යොදාගෙන මේ පහතින් දැක්වෙන ආකාරයේ වීඩීයෝවක් නිර්මාණය කරන්නට හැකි බවක් ඔබ මීට පෙර සිතුවේ නැහැ නේද?

ඒ අනුව වෘත්තිය මට්ටමේ මිලෙන් අධික උපකරණ නොමැතිව steady-mounts හෝ tripods එකක් වත් නොමැතිව වඩා ස්ථායීව වීඩියෝකරණයට ඔබට මේ ඇප් එක භාවිතයෙන් හැකියාව ලැබෙනවා. මිලෙන් අධික ස්ථියිකාරක (stabilizer) මෘදුකාංග භාවිත නොකර iPhone ජංගම දුරකථනයේම ඇති gyroscope එක යොදාගනිමින් සිදුකරන මේ ක්‍රියාවලියට තරමක් වැඩි processing power එකක් සහිත ජංගම දුරකථනයක් අවශ්‍ය වනවා. ඒ නිසා වන්නට ඇති දැනට මේ ඇප් එක android සඳහා සහාය නොදක්වන්නේ.

ඒ අනුව මින් පසුව ඔබට දුර ගමනක් යන අතරතුර වීඩියෝවක් වගේ චලනය වන අවස්ථාව time-lapse වීඩියෝ ලබගැනීමට Hyperlapse හි සහය ලබාගන්නට හැකියි. Hyperlapse වීඩියෝපට share කිරීම සඳහා මේ ඇප් එකතුල අවස්ථාව නොමැති නමුත් ඒවා Instagram හෝ Facebook හරහා share කල හැකියි.

Get Hyperlapse
 

Leave a Reply