Instagram එකේ Caption එකට මොකද වෙන්නේ

0
801
Image Copyright: Freemobilespy.net

ලෝකයේ ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින සමාජ මාධ්‍යක් වශයෙන් Instagram හඳුන්වාදිය හැකිය. ඉතිං මේ Instagram වලට අලුතින්ම එකතු වෙන Features කිහිපයක්ම මෙම වසර මුලදී Facebook සමාගම විසින් ප්‍රකාශයට පත්කරා. ඒ අනුව නුදුරේදීම Instagram සඳහා එකතුවෙන අලුත්ම Feature එකක් ගැන අද ලිපියෙන් අපි කතා කරමු.

මේ වනවිට සමාජ මාධ්‍ය සියල්ලම වගේ පරිශීලකයන්ට අහිතකර ලිපි, පින්තූර , වීඩියෝපට ආදී දෑ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම අවමකිරීමට නොයෙකුත් ක්‍රම අනුගමනය කරන අතර විශේෂයෙන් ඒ සඳහා වෙනම නීති රාමු පවා හඳුන්වාදී තිබෙනවා. ඉතිං මේ හේතු නිසාම Instagram එකටත් නුදුරේදීම අලුත්ම Feature එකක් එන්න නියමිත බව අන්තර්ජාලයේ තොරතුරු වාර්තා වෙනවා.

Instagram එකට එන මේ Feature එක ක්‍රියාත්මක වෙන්නේ අපි විසින් Instagram එකට එකතු කරන Caption මත පදනම්වයි. ඒ කියන්නේ අපි විසින් Instagram එකට යම්කිසි පින්තූරයක් හෝ වීඩියෝපටයක් Upload කර එයට යොදන Caption එක කිසියම් විදිහකින් වෛරී ප්‍රකාශයක් වේනම්, එය Instagram එක විසින් Popup එකක් විදිහට පෙන්නුම් කරන අතර ඔබට එම Caption එක Edit කිරීමට යෝජනා කරනු ඇත. කිසියම් විදිහකින් ඔබ විසින් සටහන් කරනු ලබන Caption එක අහිතකර එකක් ලෙස Instagram app එක Identify කළහොත් “This caption looks similar to others that have been reported.” ලෙස Popup message එකක් පෙන්නුම් කරනු ඇත. දැනටමත් එක් එක් පරිශීලකයන් විසින් Report කර ඇති Content වලට සමාන යම් ප්‍රකාශයන් උපයෝගී කරගෙන මෙම Feature එක ක්‍රියාත්මක වෙන අතර Instagram එකට එකතු කරන Caption, Filter කිරීම සඳහා AI තාක්ෂණය යොදාගෙන ඇත.

Image Copyright: TechCrunch

කෙසේ වෙතත් මෙම Feature එකෙන් ද්වේෂ සහගත ප්‍රකාශ ප්‍රකාශයට පත් කිරීම වළක්වන්නේ නැති අතර ඒ වෙනුවට පරිශීලකයන් හට ඔවුන් විසින් යොදන Caption එක ගැන නැවත වරක් සිතා බැලීමට අවස්ථාව ලබාදෙන බව Instagram පවසා සිටි. එමඟින් යම්තාක් දුරකට අනෙකුත් පාර්ශවයන් වෙත එල්ල වන අහිතකර බලපෑම් වල අඩුවක් සිදුවේයැයි සිතිය හැකිය. Instagram විසින් පවසන ආකාරයට මෙම සේවාව එළඹෙන වසරේදී තෝරාගත් රටවල් කිහිපයකට හඳුන්වාදීමට නියමිත අතර පසුව සියලුම Instagram පරිශීලකයන් හට මෙම සේවාව ලබාදීමට ඔවුන් සුදානමින් සිටි. එමෙන්ම මෙම Feature එක Instagram හි Comments සඳහාත් පැමිණෙනු ඇති බවට තොරතුරු අන්තර්ජාලයේ දැකගැනීමට හැකිය.

කොහොම වුවත් මෙම සේවාව හරහා සමාජයට යහපත් බලපෑමක් ඇති වේයැයි සිතිය හැකි අතර ඉතා ඉක්මනින්ම අපිටත් මෙම සේවාව භාවිත කිරීමට හැකියාව ලැබේයැයි බලාපොරොත්තු විය හැකිය.