INFOTEL 2014 මේ මස 24 සිට 26 දක්වා BMICH හීදී (වීඩියෝ සහිතයි)

, , Leave a comment

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) විසින් සංවිධානය කරනු ලබන INFOTEL ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණයේ මෙවර තේමාව වී ඇත්තේ “පැහැබර අනාගතයක්- A Smarter Tomorrow” යන්නයි. 1992 වසරේ සිට අඛණ්ඩව පැවැති මෙම ප්‍රදර්ශණය ලංකාවේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශණය වන අතර දකුණු ආසියාවේ ප්‍රමුඛතම තාක්ෂණික ප්‍රදර්ශනයකි. INFOTEL 2014 ප්‍රදර්ශණය මෙවර පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 24 සිට 26 දක්වා BMICH හීදීයි.

මෙවර ප්‍රදර්ශණ කුටි 200කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති බවත්, ඊට අමතරව පරිගණක ක්‍රීඩා, රාජ්‍ය හා පුද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණය භාවිත වන අන්දම හා තොරතුරු තාක්ෂණ ඉතිහාසය කියැවෙන තොරතුරු තාක්ෂණ කෞතුකාගාරයක්ද සූදානම් කර ඇති බව INFOTEL 2014 ප්‍රදර්ශණ සංවිධායක කමිටුවේ සභාපති ඩෙරික් ෆර්නැන්ඩස් මහතා පවසා සිටියා.

ඒ වගේම මේ ප්‍රදර්ශණයේ ජාතික හවුල්කරු ලෙස ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සම්බන්ධ වන බවත්, ලාංකික පුරවැසියන් හට තාක්ෂණ ක්ෂේත්‍රෙය් නව ප්‍රවණතා හඳුන්වාදීමේ අවස්ථාවක් නිසා තම ආයතනය INFOTEL 2014 ප්‍රදර්ශණයට සහයෝගය ලබාදෙන බවත් ICTA ආයතනයේ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ අතුල පුෂ්පකුමාර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

මෙවර ප්‍රදර්ශනයේදී දෙරණ මාධ්‍ය ජාලය හා TechGuru.lk වෙබ් අඩවිය විසින් විවිධ අධ්‍යාපනික හා විනෝදාත්මක අංග කිහිපයක්ම සංවිධානය කර ඇති නිසා අපගේ ප්‍රදර්ශණකුටියට පිවිසීමටත් අමතක කරන්න එපා ! 🙂

 

Leave a Reply