Google Maps ඉන්දියාවට දුන්න අළුත්ම පහසුකම

0
968

ඉන්දියාව කියන්නේ ලෝකයේ දෙවෙනියට වැඩිම ජනගහණයක් සිටින රටයි තවත් විදිහකින් කියනවනම් ලෝකයේ දෙවෙනියට විශාලතම “Internet Market” එක තියන රට තමයි ඉන්දියාව. මේ නිසා ලෝකයේ ලොකුම තාක්ෂණික සේවා සපයන ආයතන විසින් ඔවුන්ගේ සේවාවන් හරහා ඉන්දියාවට පමණක් සීමා වෙන විශේෂාංග ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.

Google Maps, ඉන්දියාව තුළ මිලියන සියයකට වැඩි පිරිසක් භාවිතා කරන Google සේවාවක් වන අතර Google සමාගම විසින් ඉන්දියාවට පමණක් සුවිශේෂී වූ නවතම අංගයන් කිහිපයක් Google Maps සඳහා එකතු කොට තිබෙනවා. Live status of trains , Bus travel times සහ Mixed-mode Commute ලෙසින් නම් කර ඇති මෙම නවතම අංගයන් ත්‍රිත්වය ඉන්දියාව තුළ ඇති ප්‍රධාන පොදු ප්‍රවාහන මාධ්‍යයන් සඳහා වෙන් වී තිබෙනවා.

Image Copyright: Zee Business

නවතම “status of trains” පහසුකම මඟින් ඉන්දියාව තුළ සිටින දුම්රිය මඟීන් හට දැන් සජීවී දුම්රිය කාළසටහන් සහ ගමනාන්තයන් දෙකක් අතර ඇති දුම්රියන් ගැන තොරතුරු ලබා ගැනීමට පුළුවන්. ඉන්දියාව තුළ මිලියන අටකට වැඩි පිරිසක් දුම්රිය භාවිතා කරන අතර මෙම සේවාව නිසා ඔවුන් හට විශාල පහසුවක් ඉදිරියේදී ලබාගැනීමට හැකියාව තිබෙනවා.

Google ආයතනය මඟින් ප්‍රථම වරට හඳුන්වාදුන් මෙම “Bus travel times” පහසුකම මඟින් බස්රථ ගමන් කාලය , ප්‍රමාද වන වේලාවන් නිවැරදිවම ගණනය කිරීමට හැකියාව තිබෙනවා. Google ආයතනය මේ සඳහා live traffic data සහ public bus schedules යොදා ගන්නා අතර එමඟින් නිවැරදිව බස්රථ ගමන්කාලය ගණනය කර මගීන්ට නිවැරදි තොරතුරු සැපයීමට කටයුතු කර තිබෙනවා. මෙම “Bus travel times” පහසුකම දැනට Delhi, Bangalore, Mumbai, Hyderabad, Pune, Lucknow, Chennai, Mysore, Coimbatore සහ Surat යන ප්‍රදේශ වල පමණක් භාවිත කළ හැකියි.

Mixed-mode Commute මඟින් පොදු ප්‍රවාහන සේවා සහ Taxi සේවාවන් එක්කොට තිබෙනවා. උදාහරණයක් විදිහට බස්රථයක් මඟින් ඔබට A , B සහ C ලෙස ස්ථාන ත්‍රිත්වයකට යාමට අවශ්‍යනම්, මෙම සේවාව මඟින් A සිට B දක්වා ගමන්කිරීමට ඇති වාහන සහ B සිට C දක්වා යාමට ඇති වාහන පවා බලාගැනීමට පුළුවන්.

Image Copyright: pcworld.com

මෙම අලුත් Google Maps app එක මගින් පරිශීලකයින්ට ගමනාගමනය සඳහා විවිද විකල්ප ලබාගැනීමට හැකියාව තිබෙන අතර තමන්ගේ ගමනට ගතවන මුළු කාළය නිවැරදිව දැනගැනීමටත් හැකියාව තිබෙනවා. මඟීන් හට එක් ප්‍රවාහන මාධ්‍යයක සිට තවත් ප්‍රවාහන මාධ්‍යයකට මාරු වීමට suggest කිරීමටද මෙම app එකට හැකියාව තිබෙන අතර මෙම සේවාව දැනට මූලික වශයෙන් android මෙහෙයුම් පද්ධතියට පමණක් සහ Delhi සහ Bangalore ප්‍රදේශ වලට පමණක් සීමා වී තිබෙනවා. නමුත් Google ආයතනය පවසන ආකාරයට මෙම සේවාව ඉක්මනින් අනෙකුත් ප්‍රදේශ සඳහාත් ලබා දීමට කටයුතු සුදානම් කරමින් තිබෙනවා.

Google ආයතනයට ඉන්දියාව කියන්නේ ඉතා හොඳ වෙළඳපොළක් මන්දයත් Google ආයතනය විසින් සපයන අලුත් සේවාවන් වල ගුණාත්මක බව සහ ක්‍රියාකාරිත්වය බැලීම වැනි පර්යේෂණාත්මක කටයතු සඳහා ඉන්දියානු වෙළඳපොළ යොදා ගැනීමට හැකි බැවිනි. උදාහරණය විදිහට Youtube Go සහ Google Station වැනි නිෂ්පාදන පෙන්වාදිය හැකිය. කෙසේ නමුත් මෙම සේවාවන් අනෙකුත් රටවල් සඳහාත් අනාගතයේදී ලබාගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තු විය හැකිය.