ඉන්දියාවේ TikTok තහනම ඉවතට

ලෝකයේ බොහෝ රටවල මේ වනවිට ඉතාමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන “TikTok” app එක රටවල් කිහිපයක තහනම් වීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී විවිධ තොරතුරැ නොයෙකුත් වෙබ් අඩවි වාර්තා කර තිබුනා. මේ අතර ඉන්දියාව තුළ මෙම “TikTok” තහනමට ලක්වීම බොහෝ කතාබහට ලක් වූ අතර කෙසේ නමුත් මෙතෙක් ඉන්දියාව තුල පැවති “TikTok” තහනම මේ වනවිට ඉවත් කර තිබෙනවා.

ඉන්දියාවේ TikTok තහනම

Image Copyright: Pandaily

ඉන්දියාව තුල පසුගිය කාලයේදී “TikTok” app එක භාවිතය නීති විරෝධී සහ අසභ්‍ය දෑ සඳහා පරිශීලකයන් නැඹුරු කරනවා ඇතැයි කියා ඉන්දියාව තුළ Android සහ Google Store වලින් “TikTok” app එක ඉවත් කිරීමට ඉන්දියානු අධිකරණය විසින් කටයුතු කර ඇති අතර මෙම තහනම ඉවත් කිරීමත් සමඟම නැවතත් Android සහ Google Store හිදී “TikTok” app එක දැක ගැනීමට පුළුවන් බව සඳහන් වෙනවා.

මෙම ඉවත්කිරීම බලපා තිබුණේ අළුතින් “TikTok” app එක Download කිරීමට ගිය නව Users ලා සඳහා වන අතර එතෙක් “TikTok” app එක Use කළ අයට මෙහිදී කිසිඳු ගැටළුවක් ඇති වී නැත. මෙම “TikTok” app එක නිර්මාණය කළ චීන සමාගමක් වන “Beijing ByteDance Technology Co Ltd” ආයතනය පවසන පරිදි ඉන්දියාව තුළ “TikTok” තහනම් කිරීම නිසා දිනකට (ඇ.ඩො) 500,000 ක ආදායමක් නැති වී ඇති අතර පුද්ගලයන් 250 කගේ රැකියා අවධානමකට ලක්ව තිබෙනවා.

ලොව පුරා 2018 වසරට අදාළ “TikTok” Install ප්‍රමාණයන්.

ඉන්දියාව තුළ ආසන්න වශයෙන් මිලියන 300 ක් පමණ පිරිසක් “TikTok” භාවිතා කරන අතර මාසිකව මිලියන 120 ක පමණ පිරිසක් ක්‍රියාකාරීව සිටින බව “Sensor Tower” වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. කොහොම උනත් ඉන්දියාව තුළ මෙවැනි ඉහළ ජනප්‍රියතාවක් දිනාගෙන ඇති “TikTok” app එක තහනමට ලක් වනවා. මෙයට ප්‍රතිචාර වශයෙන් “TikTok” ආයතනය කරුණු දක්වා සිටියේ ඔවුන්ගේ නියමයන්ට සහ රෙගුලාසි වලට නොගැළපෙන අයුරින් නිර්මාණය කර ඇති TikTok වීඩියෝ පට මිලියන 6 ක් පමණ ඉවත් කිරීමට ඔවුන් කටයුතු කළ බවයි.

මේ ආකාරයෙන් “TikTok” app එක අවධානමට ලක්වන්නේ පළමු වතාවට නොවන අතර මින් පෙර ද ඇමරිකාවේ FTC එක  කුඩා ළමුන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධ නීති (Privacy Law) කඩ කිරීම නිසා “TikTok” සඳහා ඇ.ඩො. මිලියන 5.7 ක දඩ මුදලක් අයකර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියාවේ දී “TikTok” තහනම ඉවත් කිරීමට ප්‍රතිචාර දක්වමින් එහි නිර්මාතෘ සමාගම වන “ByteDance Technology” ආයතනය කියා සිටියේ පෙරට වඩා ආරක්ෂාකාරී ලෙස ඔවුන්ගේ සේවාවන් පවත්වා ගැනීමට කටයුතු කරන බවයි.

Image Copyright: NBC News

තාක්ෂණය තුළත් හොඳ සහ නරක දෙකම ඇති අතර එහි ඇති හොඳ පමණක් ලබා ගැනීමට අපි සැළකිලිමත් විය යුතුය. අපේ රටේ ද ලොකු කුඩා සෑම කෙනෙකුම අතර ජනප්‍රිය “TikTok” app එක භාවිතයේදී තමන්ගේ පෞද්ගලිකත්වය රැකෙන අයුරින් සහ තමන්ගේ සීමාවන් තුළ කටයුතු කිරීම මඟින් ඉතා හොඳ අත්දැකීමක් මෙයින් ලබාගැනීමට හැකියාව ඇත.