වසර 9ක් ගත කරමින් සැතපුම් බිලියන 3ක් පසු කරමින් 2015 ජුලි 14 දින, නාසා ආයතනය අභ්‍යවකාශ ගතකල New Horizons යානය ප්ලුටෝ වෙත ලඟා වුණා. එහි සිට high-resolution පින්තුර සහ වැදගත් තොරතුරු එකතු කිරීමයි මෙහි  අරමුණ. New Horizons එවූ අලුත්ම පින්තුර නිසා විද්‍යාඥයන් පුදුමයට පත් වී තිබෙනවා. එයට හේතුව තමයි ප්ලුටෝගේ දකුණු අර්ධගෝලයේ, ඇමෙරිකාවේ Rocky කඳු වැටිය තරම් විශාල කඳු පන්තියක් එම පින්තුරවල තිබීම. මෙම කඳු ප්‍රධාන වශයෙන් වතුර සහ අයිස් වලින් සෑදී ඇති අතර ඒවා අඩි 11 000 පමණ උසට නිර්මාණය වී තිබෙනවා. මෙම කඳු වැටිය සහ එය පිහිටා ඇති heart shaped ප්‍රදේශය වසර මිලියන 100ක් පමණ පැරණියි. නමුත් එය සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි අඩු වයසකින් යුත් පෘෂ්ඨ වලින් එකක්. සෞරග්‍රහ මණ්ඩලය හා ඊට අයත් ග්‍රහලෝක නිර්මාණය වෙලා තියෙන්නේ මීට වසර බිලියන 4.5කට කලින්. අලුතින් සෑදුන පෘෂ්ඨ මුලින් නිර්මාණය වූ පෘෂ්ඨයට වඩා වෙනස් එකක්. මේනිසා විද්‍යාඥයන් විශ්වාස කරනවා ග්‍රහලොව තුල භූවිද්‍යාත්මකව ක්‍රියාකාරී කොටස් ඇති බවට.

ප්ලුටෝ වැනි ශීතල ග්‍රහලොවක් තුල මෙලෙස භූවිද්‍යාත්මක ක්‍රියාකාරී ප්‍රදේශ පැවතිමට හේතුව පිලිබඳව නිගමනයකට ඒමට විද්‍යාඥයන්ට තවමත් හැකියාවක් ලැබිල නැහැ. දැනටමත් විද්‍යාඥයන් මෙහි පෘෂ්ඨය අලුතෙන් ඇතිවීමට හේතුවන සාධක අතුරින් “tidal heating” සාධකය ඉවත් කර තිබෙනවා. එමෙන්ම මෙම පෘෂ්ඨ මත උණුදිය උල්පත් සහ අයිස් ගිනිකඳු (cryovolcanoes) නැති නිසා භූ විද්‍යාඥයන්ට පැහැදිලි නිගමනයක් කිරීමට හැකිවෙලා නැහැ.
ප්ලුටෝට අයත් චන්ද්‍රයාගේද මෙලෙස නව පෘෂ්ඨ නිර්මාණය වීමක් සොයාගෙන තිබෙනවා. චන්ද්‍රයාට ඉතා සමීපව ලබාගත් පින්තුරවල සැතපුම් 4-6 තරම් ගැඹුරට ඇති පැලුමක් සොයා ගෙන තිබෙනවා. මෙම පැලුම සැතපුම් සිය ගණනක් ඈතට විහිදිලා තිබෙනවා. මෙලෙස ලැබුණ සියලුම ඡායාරූප,ප්ලුටෝ ග්‍රහයාගේ මෙතෙක් ලබාගත් පැහැදිලිම ඒවා වේ. New Horizons යානය තව පෘථිවි දින 10ක් හෝ ප්ලුටෝ ග්‍රහයාගේ පූර්ණ භ්‍රමණ 2ක් දක්වා ප්ලුටෝ සහ එයට අයත් චන්ද්‍රයා පිළිබඳව විමර්ශනය කරයි. මෙම අභ්‍යවකාශ මෙහෙයුම මගින් අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටින් ඇති අභ්‍යවකාශ වස්තුන් පිලිබඳ අවබෝධයක් ලබාගන්න අවස්ථාව උදා වේවි. තවත් ඡායාරූප ලඟදීම New Horizons පෘථිවියට එවීමට නියමිතයි.

අන්තර්ජාලය ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here