සුපිරි දුරකථන පෙළකින් Huawei 2019 වැඩ අරඹයි

0
21

Huawei කවදත් අළුත් අළුත් දේ ලෝකයට හඳුන්වාදෙන සමාගමක්, නිරන්තරයෙන් යාවත්කාලීන වන Huawei Sri Lanka ආයතනය ඊයේ දිනයේ (2019.01.21) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී ඔවුන්ගේ මේ වසරේ ප්‍රථම Y මාදිලියේ දුරකථන කිහිපයක් හඳුන්වාදෙනු ලැබුවා.

මෙම උත්සවය සඳහා Huawei Sri Lanka හී ප්‍රධානී පීටර් ලියු, Huawei Sri Lanka හී සාමාන්‍ය අධිකාරී කල්ප පෙරේරා, Singer Sri Lanka හී ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන, Singer Sri Lanka හී අළෙවි අධ්‍යක්‍ෂක කුමාර් සමරසිංහ යන මහත්ම මහත්මීන් සහ ලාංකේය මාධ්‍ය කේෂේත්‍රයේ මෙන්ම යූටියුබ් කේෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන් රැසක් ද සහභාගී විය.

Huawei 2019 ප්‍රථම දුරකථන එළිදැක්වීමේදී හඳුන්වාදුන් දුරකථන

  • Huawei Y9 2019
  • Huawei Y7 Pro 2019
  • Huawei Y6 Pro 2019
  • Huawei Y Max
  • Huawei Nova 4

Huawei දුරකථන විශේෂයෙන්ම ජනප්‍රියත්වයට පත්වී ඇත්තේ ඉතා අඩු මිලකට සුපිරි පහසුකම් රැසක් ලබාදීම හේතුවෙනි, මෙවරත් මෙම දුරකථන ලොව ප්‍රථම වරට හඳුන්වාදෙන පහසුකම් රැසකින් සමන්විත වන අතර සාපේක්ෂව අඩු මිලකට අනාගතයේදී මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.

මෙවර Huawei දුරකථන වල තිබෙන සුවිශේෂී ගුණාංග

  • නවතම Dew Drop තාක්ෂණයෙන් දුරකථන වල දර්ශන තිර නිර්මාණය කර තිබීම.
  • අති නවීන නිමාව.
  • AI තාක්ෂණය සියලුම දුරකථන වල කැමරාවන්ට යොදාගෙන තිබීම.
  • ඉහළ බැටරි ධාරිතාවන්.
  • අති නවීන Finger Print සහ Face Unlock පහසුකම්.
  • Dolby තාක්ෂණයෙන් යුතු ශබ්ද රටාවන්.

Huawei සමාගමේ නවතම Y මාදිලියේ දුරකථන වල සිදුකර ඇති ගුණාත්මක වෙනස්කම් කාගේත් පැසසුමට ලක්වී තිබෙන අතර ලාංකේය පාරිභෝගිකයන් හට Huawei Y 2019 මාදිලි පෙළ වසරක වගකීමකින් යුතුව සියලු ම Huawei Experience මධ්‍යස්ථාන වලින් සහ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන අලෙවිකරුවන් වන සිංගර්, සිසිල් ඇතුළු තෝරාගත් ඩයලොග් , මොබිටෙල් සහ දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයින්ගෙන් මේ වනවිට මිළදී ගැනීමේ හැකියාව පවතිනවා.

මෙම සියලුම දුරකථන වෙන වෙනම සවිස්තරාත්මකව ඔබවෙත ගෙන ඒමට TechGuru අපි සුදානම්. මේ පිළිබඳව ඔබේ අදහස පහතින් අපිට කියන්න, මේ ගැන අනිත් යටත් දැනගන්න Share කරන්න.

Huawei Y9 2019
Huawei Y7 Pro 2019
Huawei Y6 Pro 2019
Huawei Y Max
Huawei Nova 4