Huawei අලුත්ම සෙල්ලක්කාරයා Huawei G Play රු 28000කට ලංකාවේදී

, , 1 Comment

ආකර්ෂණීය Honor G ප්ලේ, 4X සහ 6 ප්ලස් ස්මාර්ට්ෆෝන් තුන් වර්ගය හඳුන්වාදෙමින් Huawei ශ‍්‍රී ලාංකීය ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළ තවත් පුළුල් කරයි.

ශ‍්‍රී ලාංකීය ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළේ දෙවෙනි ස්ථානය හිමි කර ගත් Huawei  මෙරට අංක එකේ සන්නම් නාමය සහ ස්මාර්ට්ෆෝන් අලෙවිකරු සහ Huawei හී එකම ජාතික බෙදාහැරීම් නියෝජිත සිංගර් ශ‍්‍රී ලංකා සමාගම සමඟ එක්ව වෝටර්ස් එජ් හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් Huawei Honer නවතම ස්මාර්ට්ෆෝන් වර්ග තුනක් මෙරට වෙළෙදපොළට හඳුන්වාදෙන ලදි.

මෙම උළෙලේ දී ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝනයක් හා සම මට්ටමේ පවත්නා මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝන් වර්ග තුනක් වන Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් මෙරට වෙළෙදපොළට හදුන්වාදෙන ලදි. පසුගිය වසරේ මැයි මාසයේ දී ශ‍්‍රී ලංකා වෙළෙදපොළට Honer 3C සහ Honer හොලි ස්මාර්ට්ෆෝන් සාර්ථකව හඳුන්වාදීම සමඟ මෙම මධ්‍ය පරාසයේ Honer ස්මාර්ට්ෆෝන් හඳුන්වාදීම සිදු කරන ලදි.

Huawei ශ‍්‍රී ලංකා ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩැනියෙල් සූන් මහතා,Huawei  ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා සහ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා සහ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ අලෙවිකරණ සහ වාණිජ අධ්‍යක්ෂක මහේෂ් විජේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් යුතුව මෙම නිෂ්පාදන නිල වශයෙන් දියත් කරන ලදි.

1

Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා මෙසේ පවසන ලදි. ‘‘නව්‍යතා හඳුන්වාදෙන්නෙකු ලෙස අපගේ ගනුදෙනුකරුවන්ගේ සිහින හඳුනාගැනීම සහ ඔවුන් ආශා කරන නව්‍ය තාක්ෂණ හඳුන්වාදීම අපගේ අරමුණ වේ. Honer සන්නම් නාමය “For The Brave” නමින් මෙම වසර හඳුන්වයි. Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් නමින් නවතම බලසම්පන්න නිෂ්පාදන තුනක් හඳුන්වාදෙමින් Honer සන්නම් නාමය ව්‍යාප්ත කිරීම හරහා අපි ඔබට අවශ්‍ය ප‍්‍රතිරූපය ගොඩනඟා ගැනීමට සහාය වන්නෙමු.’’

සියළුම Honer ස්මාර්ට්ෆෝන් මූලික ගුණාංගයන් තුනකින් සමන්විතයි. එනම් ස්මාර්ට් ඉමේජ් තාක්ෂණය, දිගු බැටරි ජීවකාලය සහ මනා ආකර්ෂණීය නිමාව වේ. Honer ස්මාර්ට්ෆෝන් ස්මාර්ට් ඉමේජ් තාක්ෂණයෙන් සමන්විත වන අතර මෙය ජංගම දුරකථනයේ කැමරාවේ ක‍්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන අතර ඉතාමත් අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පිරිනමයි. මෙම ජංගම දුරකථනයන්හී ස්මාර්ට් පවර් තාක්ෂණය පවතින බැවින් බැටරි ජීව කාලය 30% කින් වර්ධනය කරයි.

සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා මෙම උළෙලේ දී අදහස් දක්වමින් මෙසේ පවසන ලදි. ‘‘ශ‍්‍රී ලාංකිකයන්ගේ විශ්වාසනීය වෙළෙදනාමය වන සිංගර් ඉහළ ගුණත්යෙන් සහ මනා නිර්මාණයකින් යුත් බලසම්පන්න ක‍්‍රියාකාරිත්වයක් සහ ගුණාංගයන්ගෙන් හෙබි භාවිතකරුවන්ට සැබෑම සරල අත්දැකීමක් පිරිනමන මෙම Huawei ස්මාර්ට්ෆෝන් පෙළ ඉතාමත් සතුටින් යුතුව වෙළෙදපොළට හඳුන්වාදෙයි”.

1.2

මෙම Honer නිෂ්පාදන තුන බලශක්ති පිරිමැසුම, ඉහළ ක‍්‍රියාකාරිත්වයෙන් යුත් Huawei Kirin ප්‍රොසෙසර් සහ මනා නිමාව යනාදියෙන් සමන්විත යි. Huawei Honer 6 ප්ල්ස් 4G ස්මාර්ට්ෆෝනය අගල් 5.50 1080×1920 ඩිස්ප්ලේ, Kirin 925 octa-core ප්‍රොසෙසරයෙන් බලගැන්වූ 3.0 EMUI සහ 3GB Ram සමඟ ලොව ප‍්‍රථම සමාන ද්විත්ව කැමරාවක් අඩංගු වේ. Huawei Honer 4X යනු 4G ස්මාර්ට්ෆෝනයක් වන අතර 1.2GHz ප්‍රොසෙසරයෙන් බලගැන්වූ 5.50 720×1280 ඩිස්ප්ලේ සමඟ 2GB Ram සහ මෙගාපික්සල් 13 පසුපස කැමරාවකින් සමන්විත වේ. පහළ මැද පෙළ ස්මාර්ට්ෆෝනයක් වන Huawei Honer G ප්ලේ “A Piece of Art” තේමාව යටතේ නිර්මාණය කර ඇති 3G ස්මාර්ට්ෆෝනයකි. මෙහි Android 4.4 KitKat සහ ්‍Huawei Emotion UI 3.0 සමඟ octa-core 1.2 GHZ Kirin 620 ප්‍රොසෙසරය 2GB RAM” HD 1280×720 පික්සල් කැමරාව සහ අගල් 5 ටච් ස්කී‍්‍රන් යනාදිය ඇතුළත්ව ඇත.

Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් පිළිවෙලින් රුපියල් 27,999, රුපියල් 33,999 සහ රුපියල් 69,999 මිල කර ඇත. මෙරට විශාලතම අලෙවි ජාලය හිමි අංක එකේ ස්මාර්ට්ෆෝන් අලෙවිකරු සිංගර් ශ‍්‍රී ලංකා සමාගම එහි සිංගර් මෙගා, සිංගර් ප්ලස් සහ සිසිල් වර්ල්ඞ් ඇතුළු 400 කට අධික ප‍්‍රදර්ශනාගාර සහ 1500 පමණ වූ දීපව්‍යාප්ත ඩිජිටල් මීඩියා අලෙවිසැල් සඳහා සේවය සපයන සිංගර් ඩිජිටල් මීඩියා චැනලයන් හරහා මෙම නිෂ්පාදන අලෙවි කරයි. මීට අමතරව මිලදී ගැනීමට පෙර මෙම නිෂ්පාදන ඇණවුම් කිරීම, තොරතුරු සහ අත්දැකීම් ලබා ගැනීම මෙන්ම මෙම නව්‍ය නිෂ්පාදන අත්විදීම සඳහා ඕනෑම දීපව්‍යාප්ත Huawei වෙළෙදසැලකදී ඔබට හැකියාව ඇත.

 

One Response

  1. Pulasthi Talagala

    June 15, 2015 1:34 pm

    Spec අතින් ගොඩක්ම හොඳ උනාට එයලගෙproduct එක fail.Battery draining & heating issue වෙනුවෙන් තාම එයාල update එකක් එවල නැහ්.පුලුවනන් mid range low buget phone review එකක් කරන්න.Ex SONY E4,HTC 526G+,LG leon

    Reply

Leave a Reply