ද්විත්ව කැමරා ලෙන්ස් සහිත  Huawei P9 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

, , Leave a comment

ලෝ ප්‍රකට Leica හා එක්ව ස්මාර්ට්ෆෝන් ඡායාරූපකලාවට නව අරුතක්

සුපිරි ගායන තරු වන භාතිය සහ සන්තුෂ්  Huaweiහි ශ්‍රී ලංකාවේ ඩිජිටල් සන්නාම තානාපතිවරුන් වෙයි.

24 ජුනි 2016 කොළඹ , ශ්‍රී ලංකාව  – මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය එකම ජාතික බෙදාහරින්නා වන සිංගර් හා එක්ව නවතම Huawei P9 සහ Huawei P9  Lite මෙරටට හඳුන්වා දෙයි. මෙම හඳුන්වාදීමේ උත්සවය Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වැන්ග්,  Huawei ශ්‍රී ලංකා  ප්‍රධානි හෙන්රි ලියු සහ සිංගර් සමුහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්, සිංගර් ශ්‍රී ලංකා හි  මෙහෙයුම් අධ්‍යක්ෂ චන්දන සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ්  හෝටලයේ දී පැවැත්විණ.

Huawei-P9-Launch

Huawei P9 ලොව ප්‍රමුඛ වෙළඳ නාමයක් වන Leica Camera AG සමඟ සම තාක්ෂණික දායකත්වයෙන් නිපදවූ Huawei හි  ප්‍රථම ස්මාර්ට්ෆෝනයයි. ස්මාර්ට්ෆෝන් ඡායාරූප කලාවට නව  අරුතක් එක් කරමින් මෙම Huawei P9 ස්මාර්ට්ෆෝනය  ද්විත්ව කැමරා ලෙන්ස් සහිතව නිපදවා තිබේ. මෙම ද්වි කැමරා පහසුකම මඟින් සුපැහැදිලි වර්ණ ඡායාරූප මෙන්ම සුපිරි මට්ටමේ කළු සුදු ඡායාරූප ගැනීමට ද හැකියාව පවතී. ඡායාරූපකරණය සඳහා පුළුල් අවස්ථාවක් විවර කර දෙමින් අති නවීන දෘෂ්‍ය ප්‍රයෝග රැසකින් සමන්විත මෙමHuawei P9 ස්මාර්ට්ෆෝනය මඟින් ආවේණික ඡායාරූප ගැනීමේ අපූර්වතම හැකියාවකින් සමන්විත වෙයි. අඟල් 5.2 ක් සහ පික්සල්1080 ක තිරය සහ Kirin 955 2.5GHz 64-bit ARM ප්‍රොසෙසරය නිසා  ඉහළ ක්‍රියාකාරීත්වයකින්  යුක්ත වෙයි. 3,000mAh බැටරිය නිසා Huawei P9 භාවිත කරන්නන් වැඩි බැටරි ආයු  කාලයක්  තිස්සේ  ස්මාර්ට්ෆෝනය භාවිත කිරීමේ වරප්‍රසාදයට හිමිකම් කියයි.

huawei-p9-all-1476x984මෙම අවස්ථාව අමතමින් අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ  අද දිනය ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී දිනයක් බවයි. පෙර නොවු විරූ සුපිරි පහසුකම් රැසක් සමඟින්  හඳුන්වා දුන්  නවතම සහ ප්‍රමුඛතම  Huawei P9 ස්මාර්ට්ෆෝන් ඡායාරූපකරණය නව මඟකට යොමු කරනු ඇති බවටද ඒ මහතා විශ්වාසය පළ කළේය.

Huawei සන්නාමය  ලබන වසර තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් සන්නාම තානාපති වරුන් වශයෙන් සුපිරි ගායන තරු වන භාතිය හා සන්තුෂ්  නම් කිරීම ද මෙම අවස්ථාවේදී සිදුකෙරිණ.  එමෙන්ම  නවතම  Huawei P9 ස්මාර්ට්ෆෝන් වල ඡායාරූපකරණය සහ එහි ගුණාත්මක භාවය තහවුරු කරමින්  මෙරට ඡායාරූප ක්ෂේත්‍රයේ  ප්‍රවීනයින් වන දේවක සෙනවිරත්න සහ නටාලි සොයිසා,සියත් රණතුංග, ජෙහාන් සීඩින්  ගේ ඡායාරූප පෙළක්ද මෙම අවස්ථාවේදී ප්‍රදර්ශණය කෙරින. Huawei P9 ස්මාර්ට්ෆෝනය භාවිත කරමින් රාත්‍රී කොළඹ,නාගරික මුහුණු, පරිසරය, සහ විලාසිතා යන තේමාවන් ඔස්සේ  ලබාගත් විශිෂ්ට ඡායාරූප එහි ප්‍රදර්ශනය කර තිබිණ.

Huawei P9 Launch Sri Lanka
Huawei P9 Launch Sri Lanka

මෙම අවස්ථාවට එක්වු සිංගර් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අසෝක පිරීස් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමට සමත් ස්මාර්ට්ෆෝනයක් බෙදාහැරීමට අවස්ථාව හිමිවීම පිළිබඳව සතුටට පත්වන බවයි.ලොව අනර්ඝතම ස්මාර්ට්ෆෝන් නිපදවන Huawei සහ ලොව ප්‍රමුඛ ඡායාරූපකරණ උපකරණ නිපදවන්නා වන Leica සමඟ එක්ව නිපදවා ඇති Huawei P9 ස්මාර්ට්ෆෝනය මෙරට උසස්තම  ස්මාර්ට්ෆෝනය වනු  ඇති බව සඳහන් කළේය.

Huawei P9 Launch Sri Lanka
Huawei P9 Launch Sri Lanka

Leica හි සුපිරිතම ඔප්ටිකල් ලෙන්ස් සහිත  ද්විත්ව කැමරා  වලින් සමන්විත  Huawei P9 ස්මාර්ට්ෆෝනය මඟින් වඩා සවිස්තරාත්මක ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතී. RGB වර්ණාවලියකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය මඟින් නියම වර්ණ නියමාකාරයෙන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම මොනොක්‍රෝම් කැමරාව මඟින් වඩා සවිස්තරාත්මක  ඡායාරූප ලබාගැනීමට හැක. අඩු ආලෝක තත්වයකදී වුව වඩා සුපැහැදිලි ඡායාරූප ලබාගැනීමට හැකි  Huawei P9 හි ඇති ද්විත්ව කැමරාව මඟින්  අලෝක තත්වය නොසලකා හරිමින් වඩා පැහැදිලි  ඡායාරූපයක් ලබාදෙයි.

රන්වන් , රිදී සහ කළු පැහැයෙන් එන Huawei P9 හඳුන්වාදීමේ මිල වන්නේ රුපියල් 75,999 කි. Huawei P9 Lite හි මිල රුපියල්39,999 කි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් අලෙවිකරු  වන සිංගර් ශ්‍රී ලංකා  විසින්  සිංගර් මෙගා, සිංගර් ප්ලස්, සහ සිසිල් වර්ල්ඩ් අලෙවි සැල් මෙන්ම සිල්ලර අලෙවි සැල් 400 ක් සහ 1500 කට අධික ඩිජිටල් මීඩියා අලෙවිසැල් මඟින් මෙම ස්මාර්ට්ෆෝනය රට  පුරා බෙදාහැරීමට නියමිතව තිබේ.

 

Leave a Reply