Huawei P8 මෙරට වෙළඳ පලේ වාර්තාගත ලෙස අලෙවි වී අවසන්

0

ශ්‍රීලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ස්මාර්ට් ෆෝනය වන Huawei සිය පෙරළිකාර නිෂ්පාදනය වන P8 හි දෙවන නිෂ්පාදන පෙළ ද ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ. Huawei P8 මෙරටට හඳුන්වාදීමේදි ගෙන්වු පළමු නිෂ්පාදන පෙළ මේ වනවිට විකිණි අවසන් බව Huawei සමාගම කියයි. එම නිෂ්පාදන පෙළ අලෙවි වී අවසන් වීමෙන් පසු පාරිභෝගිකයින් විසින් තවදුරටත් Huawei P8 ඇණවුම් කර ඇත.

2015 වසරේ පාරිභෝගික ව්‍යාපාර සමුහයේ වාර්තා වලට අනුව Huawei P8 ස්මාර්ට් ෆෝනය හඳුන්වා දී මාස දෙකක් තුළ ලොව පුරා රටවල් 52 ක මිලියනයකට අධික Huawei P8 ස්මාර්ට් ෆෝන් ප්‍රමාණයක් අලෙවි වී ඇති බව තහවුරු වී තිබේ. චීනය ,ප්‍රංශය , ස්පාඥ්ඤය සහ ඉතාලිය ඒ අතර ප්‍රමුඛ රටවල් කිහිපයකි.

Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රීලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කර ඇත්තේ දේශිය වෙළද පළේ Huawei P8 අලෙවි ආකාරය සතුටට කාරණයක් බවයි. සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකකට එහා ගිය සුපිරි පෙනුම , සහ භාවිතයට ඇති පහසුව,මෙලෙස මෙරට ජනතාව Huawei P8 ස්මාර්ට් ෆෝන් පිළිබඳව උනන්දු වීමට හේතු වී ඇති බව හෙන්රි ලියු මහතා පෙන්වා දෙයි. Huawei P8 ජනතාවගේ සිතුම් පැතුම්, අධ්‍යාත්මය, සහ සංස්කෘතියද නියෝජනය කරන බව හෙන්රි ලියු මහතා පවසයි.එබැවින් Huawei P8 යනු සාමාන්‍ය ස්මාර්ට් ෆෝනයක් නොවන බවත්,එතුළින් ජනතාවගේ ජීවන මට්ටම පෙන්නුම්කෙරෙන බවත් හෙන්රි ලියු මහතා සඳහන් කරයි.

රුපියල් 69,999 ක් වන Huawei P8 ස්මාර්ට් ෆෝන් වොඩ් පෙදෙස සහ මිලාගිරිය SINGER PLUS,SINGER Digital ලිබර්ටි ප්ලාසා, SINGER Mega කැන්ඩි සිටි සෙන්ටර් , ඉරූ සෙලියුලර් – අනුරාධපුර , ටොයිටෝ ට්‍රේඩිං සහ චම්පා ස්ටෝර්ස් මහනුවර, මොබයිල් විෂන් සහ දර්ශන එන්ටර් ප්‍රයිසස් – ගාල්ල , සිත්රූ මොබයිල් – මාතර , ද ෆෝන් ආකේඩ් සහ බ්‍රෑන්ඩ්ස් ෂොප් ,ඔරියන්ට් මොබයිල් – හොරණ , Qtel සහ Phone 4 u – Liberty Plaza, Phonez – Majestic City, Huawei බ්‍රෑන්ඩ් ෂොප් – මැජෙස්ටික් සිටි ලොබි, ප්‍රිමියම් – ගල්කිස්ස , TCC කොළඹ සහ ලංකාබෙල් – ලෝක වෙළඳ මධ්‍යස්ථානය. Huawei facebook පිටුව ඔස්සේ පාරිභෝගිකයින්ට Huawei P8 ඇණවුම් කළ හැක. මෙම මිලදී ගැනීම් වලදී Huaweiවෙතින් පවර් බෑන්ක්,සෙල්ෆි ස්ටික්ස් , බ්ලුටුත් ස්පීකර්ස් ආදිය නොමිලේ පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.

2

Huawei P series හි නවතම හඳුන්වා දීම වන Huawei P8 නව විශේෂාංග රැසක එකතුවකි.විලාසිතාව සහ මාදිලිය පදනම් කරගත් Huawei P1 ජංගම දුරකථනයට පසු හඳුන්වා දුන් P2 ජංගම දුරකථනය වේගවත් බවින් පරිපුර්ණ වුවකි. තුනී ජංගම දුරකථනය ලෙස හඳුන්වා දුන් Huawei P6 විලාසිතාව අතින් කැපී පෙනුන දුරකථනයකි.ඉන් පසු වෙළඳ පලට පැමිණි P7 සහ P8 ස්මාර්ට් ෆෝන් Huawei P කාණ්ඩයේ ජනප්‍රියතම ස්මාර්ට් ෆෝන් ලෙස හැඳින්විය හැකිය. Huawei P කාණ්ඩය ස්මාර්ට්ෆෝන් වෙළඳ පොළ නව මානයකට යොමු කළ අතර, තාක්ෂණය, විලාසිතාව සහ නිර්මාණශීලීත්වය ආදිය එකට කැටිවු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.

1 (1)