අමුතු Display එකක් සමගින් එන Huawei nova 4

0
9
Image Copyright: SoyaCincau.com

ජංගම දුරකථන තිරයේ රාමුව රහිතව(Bezel less) නිෂ්පාදනය සඳහා ලොව ප්‍රමුඛ සමාගම් නොයෙකුත් අත්හදා බැලීමේ කටයුතුවල නිරතවූ වසරක් ලෙස ගෙවී ගිය මෙම වසර හඳුන්වා දීමට පුළුවන්. Huawei සමාගම ද මේ සඳහා නොයෙකුත් දුරකථන නිපදවීමට උනන්දුවක් දැක්වුවා.

   උදා :- Huawei Mate 20 Pro

Bezel less තාක්ෂණයට තවත් එක් නිෂ්පාදනයක් එක් කරමින් Huawei ආයතනය ඔවුන්ගේ නවතම nova 4 දුරකථනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. නවතම Huawei nova 4 සඳහා යොදාගෙන ඇති Bezel less තාක්ෂණය බොහෝ දුරට සාර්ථක වී තිබෙනවා. ඔවුන් මේ තිරය සඳහා “Hole-Punch” වශයෙන් නම් කර තිබෙනවා.

මොකක්ද මේ “Hole-Punch”

Hole-Punch තාක්ෂණයෙන් යුතු Huawei nova 4
(Image Copyright: bmobiled.com)

සුපුරුදු තිරයේ ඇති ඉදිරිපස කැමරාව සහ අනෙකුත් sensors වර්ග ඇතුලත් කුඩා තීරුව ඉවත් වී ඒම තීරුව වෙනුවට ඇති කුඩා කවාකාර කොටස “Hole-Punch” වශයෙන් හඳුන්වන බව සඳහන් වෙනවා. මෙහි ප්‍රධාන වශයෙන් මෙගාපික්සල් 48 ක සෙල්ෆි කැමරාවක් අඩංගු වෙනවා.

Huawei Nova 4 දුරකථනය අඟල් 6.4 සුපිරි තිරයකින් සමන්විත බව සඳහන් වනවා. Kirin 970 ප්‍රොසෙසරයක් සහිත මෙහි 8 GB RAM එකකින් සහ 128 GB මතක ධාරිතාවකින් සමන්විත වෙනවා. මෙම දුරකථනය USB Type C තාක්ෂණයෙන් සහ 3,750 mAh ප්‍රමාණයේ බැටරියකින් යුක්ත වනවා. Flagship ඝනයට අයත්වන මෙම දුරකථනය ලාංකේය වෙළඳපොළට තරමක් මිලෙන් අධිකව නිකුත් වේ යැයි අනුමාන කිරීමට පුළුවන්.

Huawei nova 4 දුරකතනයේ ඉදිරිපස සහ පසුපස
(Image Copyright: NewsX)

Huawei සමාගම Nova 4 දුරකථනය නවතම තාක්ෂණයෙන් යුක්තව ඉතාමත් ඉක්මනින් ලෝක වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව සඳහන් වනවා. මෙම නවතම පුර්ණ තිරය සහිත සුපිරි අත්දැකීමට ලොව පුරා සිටින පාරිභෝගිකයන් ඉතා ඉක්මනින් යොමු වේ යැයි බොහෝදෙනා මත පළකර සිටියි.