ලීක් වූ Huawei Flagship එක මෙන්න

0
63

Huawei කියන්නේ අපි හැමෝම දන්නා විදිහට Budget දුරකථන සඳහා ප්‍රසිද්ධ දුරකථන සමාගමක්, ඇත්තටම Huawei සමාගම විසින් Budget දුරකථන පමණක් නොවෙයි Flagship සඳහාත් මේ වනවිට හොඳ වෙළඳපොළක් සාදාගෙන තිබෙනවා. එයට හොඳම උදාහරණය වශයෙන් Huawei P20 සහ Huawei P20 Pro හඳුන්වන්න පුළුවන් අතර මේ වනවිට Huawei මීළඟ Flagship දුරකථනය ගැන ද විවිධ පුවත් වාර්තා වෙනවා.

නවතම දුරකථන ලොවට හඳුන්වාදීමට පෙර එම දුරකථන පිළිබඳ විශ්වාසවන්ත තොරතුරු සපයන්නෙකු වශයෙන් හඳුන්වන “Evan Blass” විසින් ඔහුගේ Twitter ගිණුමේ මීළඟ Huawei Flagship දුරකථනය ගැන මෙසේ සටහන් කර තිබුණා.

https://twitter.com/evleaks/status/1108517258622586880

ඉහත ඡායාරූප වලට අනුව මෙහි සෑම දුරකථනයකම පිටුපස කැමරා ත්‍රිත්වයක් සහ දුරකථනයේ සෙල්ෆි කැමරා එක තිරයේ ඉහළින් දැකගැනීමට පුළුවන්. Huawei P20 සහ Huawei P20 Pro දුරකථන සමඟ සසඳා බලනවිට මෙහි FingerPrint එක Inscreen Fingerprint එකක් වේ යැයි අනුමාන කල හැකිය. තවද මේ සඳහා Wireless Charging පහසුකම ඇතුළත් වේ යැයි ද අනුමාන කල හැකි අතර මෙම දුරකථනයේ කැමරා පද්ධතිය මෙහි ඇති සුවිශේෂීම කරුණ වනු ඇති බව අනුමාණ කළ හැකිය.

Image Copyright: techcrunch

කෙසේ වෙතත් Huawei සමාගම විසින් ඔවුන්ගේ මීළඟ Flagship දුරකථනය එළඹෙන සතියේ පැරිසියේදී ලෝකයට හඳුන්වාදීමට නියමිත අතර එය Huawei P30 සහ Huawei P30 Pro ලෙසින් දුරකථන ද්විත්වයක් වශයෙන් නිකුත්වනු ඇති බව වැඩිදුරටත් සඳහන්.