Huawei අළුත් OS එක මේ සතියේ ?

0
630
OLYMPUS DIGITAL CAMERA

Huawei සමාගමේ අළුත්ම OS එක ගැන පුවත් පසුගිය කාලයේ බොහෝ කතාබහක් ඇති කළා. නමුත් පසුගිය කාලයේදී මෙම “Hongmeng OS” එක පිළිබඳව එතරම් පැහැදිළි පුවත් දැකගන්නට නොලැබුණු අතර විශේෂයෙන් එය නිකුත් කරන නිශ්චිත දිනයක් පිළිබඳව සඳහනක් තිබුණේ නැත. කොහොම වුවත් අලුත්ම තොරතුරු වලට අනුව නවතම “Hongmeng OS” එක එළඹෙන සතියේ නිකුත් වීමට නියමිතයි.

මෙම නවතම Hongmeng OS එක පළමුවරට වරට ඔවුන්ගේ “Developer conference” එකට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය අගෝස්තු 9 වන සිකුරාදා චීනයේ  Dongguan හිදී ආරම්භ වේ. එය මෙතෙක් Hongmeng OS එක ගැන නිකුත් වූ විශේෂ පුවත් වලින් එකක්. ඇත්තටම පසුගිය ලිපි වලින් අප සඳහන් කල ආකාරයට මෙම Hongmeng OS එක “IOT” (Internet Of Things) උපාංග සඳහා නිර්මාණය වුවක්. නමුත් Huawei සමාගම විසින් මෙම Hongmeng OS එක ඔවුන්ගේ මීළඟ Flagship දුරකථනයකට අත්හදාබැලිමට ඔවුන් තීරණය කොට තිබෙන බව වාර්තාවෙනවා.

එම දුරකථනය බොහෝදුරට Huawei Mate 30 Pro දුරකථනය වීමට බොහෝ ඉඩකඩ තිබෙන අතර එයද මේ වසරේ අවසානයේදී පමණ නිකුත් වේයැයි බලාපොරොත්තු විය හැකිය. කොහොම වුවත් Hongmeng OS එක වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් පද්ධතියක් ලෙස වෙළඳපොළට හඳුන්වාදීමට Huawei සමාගම කටයුතු කරමින් සිටින බව මෙම පුවත් වලින් පැහැදිලි වෙනවා.